30🌹

315 90 5
                                    


රෑ වෙනකන්ම සිංදු කිය කිය එක එක විකාර නට නට ඉදලා ටේගි දෙන්නා එයාලගෙ ගෙදර ගියා. අන්තිමට ජන්කුක් එක්ක මිනී එයාලගෙ ගෙදර තනි වුනා.

එයාල කාපු බීපුවා සේරම අස් කරපු ජන්කුක් කිචන් එකේ ඉදන් එලියට එනකොට එයාගෙ චූටි මිනී එයාගෙ ලොකූම ලොකූ රෝස ටෙඩීගේ අස්සට රිංගලා හොදටම නිදි. පුංචි පුංචි ගෙරවිලි සද්ද එක්ක පූස් පැටියෙක් වගේ පුංචි මිනී ගුලිවෙලා.

ඒ දිහා ආදරෙන් බලන් හිටපු ජන්කූක් හිමින්සීරුවේ මිනී ලගට ගිහින් එයාව එයාගෙ අත් අතරට ගත්තා. ඒත් එක්කම ගැස්සිලා ගියපු ජිමින් එයාගෙ පියවිලා තිබුනු බෝල ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා.

"ජන්කුකී........ "

"ම්ම්ම්........"

" සීතලයි මිනීට ගොඩාක්..."

ජිමිනි ලොකූ ඈනුමකුත් ඇරලා ඇස් දෙක අත් දෙකෙන්ම පිහාගෙන එහෙම කිව්වහම ජන්කුක් හිනා වුනා. ඒත් එක්කම දගලලා දගලලා ජන්කුක්ගෙ අත් දෙකෙන් බැස්ස ජිමිනි පුංචි බලුපැටියෙක්වගේ ජන්කූක්ගේ ලොකුම ලොකු ටීශර්ට් එක අස්සට රිංගලා ගුලි වුනා.

දැන් ජන්කුක්ගෙ බෙල්ල ලග රත්තරන් පාට බෝල ඔලුවක් එලියට ඇවිත්. ජන්කුක්ට හොදටම හිනා.

"අනේ අනේ මගේ මිනී බෝලේ.... ඔය මොකද කරන්නෙ ආ..."

"මට සීතයි කිව්වනේ. ඔයා ඇහුවෙ නෑනෙ. ඉතින් මම් රස්නෙ තැනකට ආවා."

ජිමිනි හුරතල් විදිහට එහෙම කියලා හොර ගෙඩියා වගේ ජන්කුක්ගේ බඩ වටේට අත් ඔතාගෙන කුකීගෙ පපුවෙ උනුසුම් හාදු තියන්න පටන්ගත්තා. ඒ වැඩෙන් ජන්කුක් රත් වීගෙන එනකොට ජිමිනි හිනාවෙවීම එයාගෙ වැඩේ කරගෙන ගියා.

"ආහ් ජිමිනි... ඔයා මාව අවුස්සගන්නද ඔය හදන්නෙ ආ...."

ජන්කුක් එයාගෙ ශර්ට් එක අස්සෙ ඉන්න බෝලගෙඩියව තද කරලා අල්ලගෙන බෙල්ල ටිකක් පිටිපස්සට කරලා යටිතොල හපාගත්තා.

ඒ අතරේ ජිමිනි එයාගෙ වැඩේ දිගටම සිනීදුවට කරගෙන යද්දි ජන්කුක් හිටියේ එයාගෙ ඉවසීමේ සීමාව උඩ. එකපාරම ජිමිනිව ශර්ට් එක අස්සෙන්ම උස්සගත්ත ජන්කූක් එයාවත් උස්සගෙන එයාලගෙ කාමරේට ගියේ ශර්ට් එක ඇතුලේ හිටපු බෝලගෙඩිය එයාගෙ ගිග්ලින් හිනාව මුලු ගෙදරම පතුරවද්දි.

කාමරේට ගිහින් ශර්ට් එක ගලවලා දාපු ජන්කූක් එච්චර වෙලා ඒක අස්සෙ හැංගිලා හිටපු මිනීව එලියට ගත්තා.

" හොරගෙඩියා... මොකද්ද ඒ කලේ ආ........ "

ජන්කූක් ජිමින්ගේ මූන චප්ප කරලා අල්ලගෙන එහෙම අහද්දි ජිමිනි එයාගෙ ඇස් කම්මුල් අස්සේ හංගගෙන හිනා වුනා.

ඊටපස්සේ එහෙම්මම ජන්කුක්ගෙ නිරුවත් පපුවට ඔලුව තියාගත්ත ජිමින් හිමින් සැරේ මොනවදෝ මිමිනුවා.

" ජිමිනිට ජන්කුකීව ඕනි.."

"මොකද්ද...?"

ජිමිනි කිව්වෙ මොකද්ද කියලා ජන්කුක්ට හොදටම ඇහුනත් එයා ඒක ආයෙමත් ඇහුවේ එයාට ඒ ඇහුන දේ ඇත්තද කියලා විශ්වාස කරගන්න.

"අයිගෝ..... ජිමිනිට ආයෙ කියන්න ලැජ්ජයි අනී......."

ජන්කූක්ගෙ පපුවේ ඔලුව ගහගෙනම එහෙම කිව්ව ජිමින් ආයෙත් සැරයක් කලින් වැඩේම පටන්ගන්න යද්දිම ජිමින්ව ඇද උඩට පෙරලගත්ත ජන්කූක් ජිමිනිගේ ඇග උඩට ආවේ කට කොනේ හිනාවකුත් අරගෙනමයි.

" ජිමිනි බබා හොදටම නරක වෙලා නේද.. ම්ම්....... ඔන්න බබා ඔයාම තමයි මාව අවුස්සගත්තෙ හරිද..?"

එහෙම කියපු ජන්කුක් එයා දිහා හිනාවෙලා බලන් ඉන්න ජිමින්ගේ ‍රෝස පාට පිම්බුනු තොල් එයාගෙ තොල් අතරේ පටලව ගත්තා.





🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

හායි.. ටිකක් අවුස්සලා යන්න ආවෙ.. හී.... 🌚

බෝම අමාරුවෙන් මෙ ටික ටයිප් කලා මම්.. ඉතුරු ටිකත් දෙන්නම් ඈහ්..හෙටවත් ... 🤭

සොරී මියෑව්ලා...

with you ..🍂🌹 [jikook] completedWhere stories live. Discover now