20🌹

324 100 30
                                    


යූංගි එක්ක ගෙදර ගියපු ජන්කූක් ඉස්සෙල්ලාම්ම කලේ මුලු ගෙදර පුරාම තැන් තැන් වල පාක් කරලා තිබුනු ජිමිනිගේ කා කලෙක්ශන් එක එක තැනකට එකතුකරගත්ත එක. ජිමින් ඒවා එයාගෙ ඇදුම් අල්මාරිය අස්සෙ පවා පාක් කරලා තිබ්බා. මේසෙ යටිනුත් ජන්කූක්ට දම් පාටයි කහ පාටයි කාර්ස් දෙකක් හොයාගන්න පුලුවන් උනා.

කොහොම හරි ඔක්කොම සෙල්ලම් බඩු ටික අස් කරලා ඊලගට මුලු ගෙදරම වැකුම් කරපු එයා යූංගියාගෙ උදවුත් ඇතුව කා එකේ තිබ්බ බඩු ටික ඇතුලට ගෙනාවා.

"යූංගි හියුන් මේ බැලුන් ටික පුම්බන්නකෝ..."

ජන්කූක් යූංගිගේ අතට බැලුම් ටික දීලා ෆෝන් එක අතට ගත්තේ එයා ඕඩර් කරපු කෑම ටික ගැන බලන්න. රෑ කෑම සේරම එයා පිටින් ඕඩර් කරලා තිබත් ජිමිනිගෙ බර්ත්ඩේ කේක් එක නම් හැදුවේ ජන්කූක්මයි.

එයා යූංගි බැලුන් වලට හීලියම් පුරවන අතරේ කලින් බේක් කරලා අවන් එක ඇතුලෙම හංගලා තිබ්බ කේක් එක එලියට අරන් අයිසින් කරන්න ගත්තා.

රෝස පාට පුංචි හාපැටියෙක්. ඔව් ජන්කූක් ජිමිනිගෙ කේක් එක හැඩ කලේ ඒ විදිහට. ජිමින්ගේ ආසම පාටින් බගේම ජිමිනිගෙ ආසම සතාගෙන්. එයා හා පැටියගෙ ඇගේ රෝස පාට අයිසින් ගාලා සුදු පාටින් පුංචි පීත්ත පටියකුත් බෙල්ල වටේට ඇන්දා. ඊටපස්සෙ කලුපාටින් ඇස් දාලා පුංචි නහයකුයි කටකුයිත් දැම්මා.

"වාහ් .. ඒක ලස්සනයි. අයි නෝ මම වැඩ්ඩනෙ ඉතින්.."

එයාගෙම කොලර් එක උස්සගත්ත ජන්කූක් එයා හදපු පුංචි හාපැටියා දිහා බලන් හිටියේ ආඩම්බරෙන්. ඇත්තටම ඒක ගොඩක් ලස්සනට තිබුනා.

"ආහ් මට අමතක උනානි.."

ඒත් එක්කම චොක්ලට් දියර පුරවපු නොසල් එක අතට ගත්ත ජන්කූක් කේක් එක තියලා තිබ්බ රවුන් තැටියෙන් ලස්සනට හැපි බර්ත්ඩේ මයි ඒන්ජල් කියලා එයාගෙ අකුරින්ම ලිව්වා.

"සේරම හරි . කේක් එක නම් රෙඩී..."

එයාගෙ කේක් එක කූඩෙකින් වහලා පරිස්සමට ෆ්‍රිජ් එක අස්සෙන් තිබ්බ ජන්කූක් කෑ ගහගෙනම සාලෙට ගියේ යූංගියා මෙච්චර වෙලා මොනාද කලේ බලන්න.

with you ..🍂🌹 [jikook] completedTahanan ng mga kuwento. Tumuklas ngayon