32.

1.2K 188 5
                                    


රතු රෝස 🌹

🌹 තිස් දෙවන දිගහැරුම

ඇගම රිදෙනවා.. කොන්ද වේදනාව වැඩිකමට හිරිවැටිල ගිහින්.. ඒත් මං කට පියාගෙන අල්ලන් හිටියෙ මට මේවා ඉවසන්නම වෙන හින්දා... මගෙම වැරදිවලට විදවනවා කියන හැගීම හැම තප්පරේකම මට දැනුනා...

" මොකද්ද බං මැරිලා වගේ ඉන්නෙ.. කෙදිරිවත් ගාපංකො... " අයියා වේගෙ තව වැඩි කරා... මං කොට්ටෙට මූණ තද කරගෙන කදුලුවලින් කොට්ටෙ පෙගෙන්න ඇරියා..

"මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ මගෙ ගෙදරට ඇදන් ඉදපු ඩෙනිම් ශෝර්ට් එකේ සාක්කුවෙ.. " ගෙදර අය වෙන්න ඇති අයියෙ... ගන්න දෙන්නකො ප්ලීස්"

" අහ්... ගනින් " දිනුක මගෙ ශෝට අහුලලා මගෙ ඇග උඩට දැම්මා.. ෆෝන් එක අරන් මං ආන්සර් කරා...

" පුතා... කොහෙද ඉන්නෙ?" තාත්ති කතා කරා.

" ප්..පාක් එකේ තාත්ති.. අම්මිට හොදයිද දැන් ?"

" ඔව් ඔව්... ඇයි මේ අඩන්නෙ? මගෙ පුතා ඔතන ඉන්න මං ත්‍රීවීලර් එක්ක එන්නෙ..."

" හා තාත්ති.. කෝ අම්මි?"

" අම්මි අද නවත්තගත්තා.. හෙට ටිකට් කපයි.. මොකද්ද පරීක්ෂණ වගයක් තියෙනව කිව්වෙ දොස්තර මහත්තයා... "

" තාත්ති කිව්වෙ හොදයි කියල..."

"හොදයි දරුවො... පොඩි පරීක්ෂණ ටිකක් කරන්න තියෙනව කියල කිව්වෙ... කොහොමත් ඉස්පිරිතාලවල ඔහොමයිනෙ... මගෙ මැනික දැන් අඩන්නැතුව ඉන්න... මං මේ එන ගමන් දැන් අම්මිව නවත්තල වාට්ටුවෙන් එලියට ආවෙ.. "

" අම්මි හෙට එයි නේද ඒනම්"

" ඔව් ඔව්... මං තියන්නම් මගෙ පුතා ඔහොම ඉන්නකො.. "

" හ්ම්ම්... උම්මා තාත්ති "

" හරි මැනික... පරිස්සමෙන් ඉන්න මං එනකම්..."

තාත්ති කෝල් එක එන්ඩ් කරපු ගමන් මං අයියා දිහාට හැරුනා..." තාත්ති එනවලු... මාව ගිහින් දාන්නකො අයියෙ.."

" ඒ මොකටද? ආව විදියට පලයං..."

" අනේ අයියෙ ජෝක් කරන්න එපා ඕයි.. "

" හරි හරි.. අහ් ඇදගං... " මං ඇදුම ගන්න දික් කරපු අත අයියා අල්ලගෙන ඇඹරුවා. " ඊලග පාර උබ මගෙ ලඟට එන්නෙ ආය යන්න නෙවෙයි.. තේරුනාද? "

රතුරෝස | Red Roses | BLWhere stories live. Discover now