කෙටිකතාවකුත් භාගයක්ම ලිව්වා ඕන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. 🌹
රතු රෝස 🌹
🌹දොලොස්වන දිගහැරුම
මම ඇහැරුනේ රෝහල් කාමරේක... ඇදක් උඩ. මගෙ ඔලුව පැලිලා වගේ රිදුනා. ඒත් ලඟ ඇදවල්වල කවුරුත් හිටියෙ නෑ.... නර්ස් කෙනෙක් ඇවිත් මං ලගින් හිටගත්තා. " කොහොමද දැන් පුතාට? දවස් දෙකක් නිදාගෙන හිටියා මදි වගේද?" එයා විහිලු කරා.. ඒ ගමන් මගෙ අතේ තිබ්බ කැනියුලා එකට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා... " ආහ්... අම්මි එහෙම කෝ?"
" තාත්තා ඉන්න හැදුවා.. අපි ගෙදර යැව්වා.. ලොකු කොල්ලෙක්නෙ තාත්තා ලඟ ඉන්න ඕන්නෑනෙ දැන්.."
" එයාට එන්න කියන්නකො.. මට මෙහෙ ඉන්න බෑ මට හොදයි දැන්.." මට නිකම්ම ඇඩෙන්න ආවා. මට ලොකු බයක් දැනුනා.. අරලිය ගහ යට දැක්ක දේවල් හිතේ මැවි මැවී පෙනෙද්දි මට පිට මිනිස්සු එක්ක තනියෙන් ඉන්න බයක් දැනුනෙ.
" එයාලා හෙට උදේම එයි... අයියෝ පොඩි බබෙක් වගේනෙ.. අපි ඉන්නවනෙ බය වෙන්නෙ මොකටද?"
"අපි? " අපි කිව්වට එයා විතරයි හිටියෙ.. එයාත් අසාමාන්ය විදියට හොඳයි... නර්ස්ලා මෙහෙම නෑ හැම වෙලේම බැනගත්ත ගමන්... මං දෙතුන් සැරයක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා ඉදලා තියෙනවනෙ මෙහෙම නර්ස්ලානම් දැකලම නෑ.
ඒත් එක්කම බබාලා අඩන සද්දයක් ඇහෙන්න ගත්තා.." මො.කද්ද ඒ?"
" බේබීස් වෝඩ් එක එහාපැත්තෙ.. "
මටත් නොදැනීම මම ඇදෙන් බැහැලා මගෙ කකුල් දෙක ඒ වාට්ටුව පැත්තට යන්න පටන්ගත්තා. නර්ස් මාව නැවැත්තුවෙත් නෑ...
ඒ වාට්ටුවේනම් අම්මලා ගොඩක් හිටියා... ගොඩක් අය ලඟ චූටි බබාලා නිදාගෙන හිටියා.. රෝස පාට, නිල් පාට වලින් ඔතපු චූටි බෝනික්කො පැටව් වගේ...
ඒත් එක බබෙක්ගෙ ඇඩිල්ල ඒ අතරින් උඩින්ම ඇහුනා.. මම ඒ සද්දෙ ආව පැත්තට ගියා... එක ඇදක් උඩ හිටිය ලස්සන ගෑණුලමයා අතේ බබෙක් හිටියා.. ඒ ගෑණුලමයා මගෙ අම්මි වගේමයි මට පෙනුනෙ.. එයත් හොදටම අඩනවා.. බබාත් අඩනවා... බබා හොදටම සුදුමැලි වෙලා.. මැරිලත් වගේ බෙල්ල පැත්තකට කඩාවැටිලා ඒත් අඩනවා.
BINABASA MO ANG
රතුරෝස | Red Roses | BL
Romanceඅහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක්...