37.

1.1K 198 8
                                    


රතු රෝස 🌹

🌹 තිස් හත්වන දිගහැරුම

" බබා... කෝ කට අරින්න. එක බත් කටක් කාල ඉන්න ළමයො.. "

" මට ඕන්නෑ අම්මි මට කන්න බෑ.. බඩගිනි උනාම කන්නම්කො.. "

" ඔයාට බඩගිනි වෙනකම් බත් පිගාන අරන් ඔයා පස්සෙන් එන්න තිබ්බා වෙන දවසකනම්.. අනිද්දා පින්කම.. අද කැවුම් කොකිස් ටික හදල ඉවර කරගන්න ඕනැ දරුවො... තව වැඩ කෝටියක් තියෙනවා... " අම්මි බත් කටක් අනන ගමන් කිව්වා.. සීයාගෙ මරණෙන් අවුරුදු 15 පින්කම... හැම අවුරුද්දකම අම්මල දානයක් දුන්නා අනිවාරෙන් තාත්තිගෙ අම්මයි තාත්තයි වෙනුවෙන්. අම්මිගෙ අය වෙනුවෙන් පල්ලියට දානයක් දුන්නා.. ඒ දෙන්නා කතෝලිකනෙ.

" කන්න බෑ කියන්නෙ බැරි හින්දනෙ.. රෙද්ද. මට මේ පොත අද ඉවර කරන්න දෙන්නැද්ද? එක්සෑම් එකට ලියන්න වෙන්නෙ අම්මි බත් කවපු එක ගැන තමයි"

" සදූ අර නැන්දලට තවම තේ ටිකක්වත් දුන්නැද්ද? දැන් කොච්චර වෙලාද ඒ මිනිස්සු වැඩ කරන්න වෙලා? ඔය කොල්ලට ඕක කවල ඉක්මනට ගිහින් ඒ මිනිස්සුන්ට බීම එකක්වත් හදල දෙන්න.." තාත්ති කුස්සියෙ ඉදන් ආවෙ කලබලෙන්... අයියල එලියෙ ස්පීකර් සෙට් කරල තව එන අයට ඉන්න ගේ වටේ ටෙන්ට් ගහන්වා... තාත්තිත් ඒ අයට උදව් වෙන ගමන්.. ගමේ මාමලයි නැන්දලයි ආච්චිලයි එයාලගෙ ලමයිනුයි... ගොඩ දෙනෙක් ඇවිත් දානෙට උදව්වට.. හැම එකකම ඇද හොයන දෙතුන් දෙනෙක් හිටියත් ගොඩ දෙනෙක් අම්මිගෙයි ලොකුඅම්මිගෙයි යාලුවො. පිරිමි අයත් තාත්තිගෙයි ලොකු තාත්තිගෙයි අයියලගෙයි යාලුවො.. කෙල්ලො ටික මෙනුරි අක්කි එක්ක මල් ටිකක් කඩන් එන්න වැවට ගියා... මං විතරයි නිකම් මොකාද එකා වගේ ඔහෙ මිදුලෙ අඹ ගහ යටට වෙලා පොතක් අස්සෙ ඔලුව ගහගෙන ඉන්නෙ... මට ඕන උනේ තනියෙන් හූල්ල හූල්ල ඉන්න.. කොච්චර අමාරු උනත් අනිත් අය එක්ක සතුටින් ඉන්න මට හිත දුන්නෑ... වෙලාවකට තනියෙන් ඇඩෙනවා.. අයියල දෙන්නා තවම මාව ගනන් ගන්නෑ... මට හැමදේම එපා වෙලා ගිහින් වගේ හරි මූසල හැගීමක් දැනුනෙ...

" මේ දරුවා බත් ටික කන්නෙ නෑ අයියෙ... උදේටත් අමාරුවෙන් කටවල් දෙකක් කවල බෙහෙත් ටික පෙව්වෙ. එහෙම බෙහෙත් දෙන්නත් හොද නෑනෙ. "

රතුරෝස | Red Roses | BLOpowieści tętniące życiem. Odkryj je teraz