රතු රෝස 🌹🌹විසි තුන් වන දිගහැරුම
" කෝ නැගිටින්න... බත් කටක් කාල ඉමු"
" මට බඩගිනි නෑ අනේ... "
" කවදාවත් බඩගිනි නෑනෙ. ඔහොම ගියොත් හාමත් වෙයි. රෑට කෑවෙත් නෑ ඊයෙ දවල්ටත් නූඩ්ල්ස් ටිකක් කාපු ගමන්. කාගෙන් පලිගන්නද දරුවො ඔයා මේ නොකා නොබී හිතුවක්කාර වෙන්නෙ? දැන් කෑවෙ නැත්තම් තාත්තිට කෝල් කරල එන්න කියනවා. "
" මගෙන් පලිගන්න. මට පාඩුවේ ඉන්න දෙන්නකො අම්මි. වදයක් උනානෙ මේක."
" කන්නැද්ද? හරි ඉන්නවා මං-" ඒ කියල ඉවර වෙන්න කලින් වාහනයක් නවත්තන සද්දෙ ඇහුනා. අම්මි බත් එක මේසෙ උඩ තියලා මගෙ කාමරෙන් එලියට යද්දි මටත් එයා පස්සෙන් දුවල බලන්න හිතුනා ආවෙ කවුද කියල. ඒ මගෙ අයියගෙ කාර් එකද? ඒත් මගෙ කකුල් දෙක දැන් ඉස්සර වගේ මට ඕන විදියට ඉන්නෑ. ඒවා මැරිලා ගිහින්... මගෙ හිත වගේම.
තාත්තී අම්මියි මාව පහුවදාම ගෙදර අරන් ආවා. ඒ ඇවිත් මාසයකට වඩා ගියා. තාම මං අයියව ඇහැට දැක්කෙ නෑ. ෆෝන් වැඩ කරන්නෙත් නෑ. මැසේජ් එකක් වත් නෑ.. එයා අතුරුදහන් වෙලා. මං බැරිම තැන මෙනුරි අක්කිට කිව්වා ඒ ගෙදර ගිහින් බලන්න කියලා. එයා යද්දි ගෙදර පාලුවට ගිහින් ලු. රෝස පදුරු ඔක්කොම අවුවට පිච්චිල මැරිල ගිහින්... සාත්තු කරන්න කෙනෙක් ඉදල නෑ.
මට එයා තුරුලෙම ඉදල ඉදල එයා එකපාරම අතුරුදන් උන එක දරාගන්න බැරි උනා. අවිනාශ් අයියත් ක්ලාස් එක කලින් සර්ට බාර දීලා වයිෆුයි බබයි එක්ක ගාල්ලේ පදිංචියට ගිහින්. මට මේවා කියන්න කෙනෙකුත් නෑ. මෙනුරි අක්කිත් දැන් ජොබ් එකක් කරනවා අනික එයාට දැන් බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඒ හින්දා මට හිතුනෙ එයාට මාව කරදරයක් වෙන්න ඇති කියලා.
ඉතින් මං මේ හැමදේම හිතේ හිර කරගෙන මගෙ ඇදට වෙලා උදේ ඉදන් රෑ වෙනකම්.. රෑ ඉදන් එලි වෙනකම් විදව විදව හිටියා. මට දැන් ඉස්සරටත් වඩා තරහ යන්න පටන් අරන්... මං නපුරු වෙලා... ගොඩක්.. අම්මි කියන දේ වත් අහන්නෑ මං. වෙලාවකට එයා මගෙ අම්මා නෙවෙයි කියන දේ අල්ලගෙන පවා මං එයාට සීමාවක් නැතුව රිද්දනවා... එයාව අඩවනවා. ඒත් ඒ හැම දේකින්ම මං රිද්දගන්නෙ මටමයි.
ESTÁS LEYENDO
රතුරෝස | Red Roses | BL
Romanceඅහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක්...