🌊 -XXI- 🌊

156 61 15
                                    


ශාන් නිදි අතරෙ දොරට ගහන සද්දෙට ඇදේ ඔලුව තියන් ඉදපු ඊබෝ ඇස් ඇරියෙ කව්ද බලන්න උනත් ආපු කෙනා දකිද්දි එයා එකපාර ගැස්සුනා...

ඇ..ඇයි ඔ..ඔයා...?

දොර ගාව හිටගෙන ඉන්න yeezha දැක්ක ඊබෝ ක්ෂනිකව නිදාගෙන ඉන්න ශාන්ව කවර් කරගෙන හිටගත්තෙ ආයෙම එයාට කරදරයක් කරයි කියන බයෙන්..

හෝව් හෝව් ඊබෝ මමත් ඉන්නවා...

එකපාරට ඩොක්ටර් චාඕ මතුවෙද්දි හිතේ තිබ්බ බය අයින් උනත් ඊබෝ පොඩ්ඩක්වත් එහාට උනේ නැත්තෙ තාමත් එයාට විශ්වාසයක් නැති නිසා..

චාඕ ගගා ප්ලීස් මෙයාව එක්කන් යන්න..

හරි හරි එයාට sleeping tablet දීල තියෙන්නෙ එයාගෙ මනස හරියට හදන්න නම් ශාන් හොදින් ඉන්නව කියල පෙන්නන්න ඕනී.. ඒකයි මම එක්ක ආවෙ..

හ්ම්ම්ම්.... දැන් දකින්න ඇති නේ.. යන්න කියන්න..

හම්මෝ... හරි හරි මම එක්ක යන්නම්...

චාඕ කදුලු බේරගෙන දොරගාව ඉන්න yeezha ට මොන මොනවදො කියල එක්ක ගියේ එයාගෙ අතකිනුත් අල්ලන්...

ඒ එක්කම ගිහින් දොර වහපු ඊබෝ ඉක්මන්ට ඇවිත් ශාන්ගෙ ඔලුව අත ගෑවේ නිදාගෙන ඉන්න ඇස් දෙකට හාදු තියන ගමන්... ඒ එක්කම අතක් පහලට අරන් ඇවිත් ශාන්ගෙ ටී ෂර්ට් එක උස්සල තුවාලෙ බලන්න හැදුවත් තවත් අතක් ඒ අත නවත්ත ගද්දි ඊබෝ අතේ අයිතිකාරයා දිහාවට හොර බැල්මක් දැම්ම...

නිදි අතරෙ අහිංසක මට අතවර කරන්න හදනව නේද... ඈ....

අපෝ වැඩේමයි මට... මම තුවාලෙ බලන්න හැදුවෙ...

කව්ද දන්නෙ...

ශාන් ඇහැක් ගහල කිව්වෙ ඊබෝ රවල ආයෙම ශර්ට් එක උස්සල බලද්දි..

.
.
.

අම්මා.... දොර අරින්න...

ඉන්න මේ එනව...

මොනාද අනේ බය කරන්නෙ කොහෙද ඉදියෙ...

චූටි යැව්වට මට හරි අමුත්තක් දැනෙනව ලොකු.. එයා කතා කලාද ඔයාට...

අයියෝ හිතන්නෙපා අම්මා.. බබා එක්ක සෙට් වෙලා කෝලම් කර කර ඇති ඒකයි ඔය...

🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️Where stories live. Discover now