"මම මිනීමරුවෙක්... ඒක තමා ඇත්ත..
Mr.Xiao එයාගෙ අතේ තිබ්බ ඉතුරු සෝජු ටික එකපාර කටට හලාගත්ත.
"මොකක්... ඒ දේට සර් ගෙ සම්බන්ධයක් නෑ කියලා ඔප්පු උනා.. අනික මම ඒක විස්වාස කරන්නෑ සර්...
දැන්නම් මෙයා කියන දේවල් එක්ක මටත් නිකං වෙරි වෙන්න වගේ... අම්මපා මේ ගවය නිසා මටත් වැටෙන්නෙ එසේමෙසේ ලෙඩ නෙවේ.. දැන් මට ගෙදර එක්ක යන්නත් බෑ... මෙයා එක්ක යවන්නත් මොකද්ද වගේ... මම නිකන් ගිරේට අහුවෙච්ච අර මොකද්ද ගෙඩිය වගේ යකෝව්... cheng නලල පොඩි කරේ මොකක් කරන්න්ද කියල..
"මං පරිස්සමෙන් එක්කන් යන්නම් ඊබෝ ව....
කිව්ව සැනෙන් Mr. Xiaoම car එකට ඔලුව දාලා අපේ ගවයව ඇගට කර ගද්දි මෙච්චර වෙලා දැක්ක දේවල් එක්ක මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මාව හොස්පිටල් ගෙනිහින් දාන්න අයියෝ......
"එහෙනම්..හහ්...හා...සර්... අනේ thank you soo much.. මේ වෙලාවෙ උදව් උනාට... සර් අපේ මල්ලි අමු ගවය ඈ...
මලා..කට කට මුගෙ කටමයි මටත්..පිහිටල තියෙන්නෙ..
"සොරි සර් එයා පොඩ්ඩක් පණ්ඩිතයි... අනේ උදේට මොනා කිව්වත් මට සමාවෙලා ඉවසන්න...
"ම්ම්ම්.... cheng ඔයා දැන් යන්න..
"හරි sir
බෝ දිහා බලලා ඔලුවත් අතගාලා මං එන්න කියලා වහනේට නගිද්දි Mr.Xiao ගියා..කම්පැනි එක ඇතුලෙ එයා ගැන එක එක rumors ගියත් මට විස්වාසයි එයා මිනීමැරුවෙ නෑ කියන්න... හැබැයි එයා ගුප්තයි.. ඒත් අද මාර වෙනසක්....
ගෙදර ගිහින් මැඩම් යූ ගෙන් ගුටි කාල මැරෙනවට වඩා Xiao sir ගෙන් දෙකක් අහගෙන එන එක උබට සැපයි කොම්ලෝ... cheng එහෙම හිනාවෙවීම යන්නගියා..
*******
"ච්ච්ච්ච්....චෙන්...ඕයී... ල්ල්..ලොකු....තවුසෙ හරි slow නේ ඕයී... speed පාගනවකෝ.... අප්පා...... ඔහොම නම් බ්බ්බෑ කොම්ලෝ....
"ආයිෂ් මේ කොල්ලා.... හෙට හිදෙයිනේ වෙරි...
Xiao කාලෙකට පස්සෙ හිනාවක් ආපු මූණ ඉස්සරහ mirror එකෙන් බැලුවා.. ආයේ කියවන ඊබෝ දිහා බලල කට කොනකින් හිනාවක් දාපු Xiao කඩන් වැටුන ඔලුව උරේට පරිස්සමෙන් තියාගෙන drive කරන්න ගත්තා...
VOCÊ ESTÁ LENDO
🌊THE WAVES 🌊 (ZhanYi FF) ‼️ON HOLD ‼️
Fanfic❤️..If you are a wave, Definitely I wanna be a surffer...💚