යුන්ගි අශ්වයගෙ පිටෙන් බැහැලා ජීමින්ව අශ්වයගෙ පිටට හේත්තු කරද්දි ජීමින් අශ්වයා බදාගත්තෙ නින්දෙන්මයි...
"අපි මෙතන කූඩාරම් ගහගමු... මෙතනට කුළුහරක් මිටියාවත හොදට පේනවා..."
එතන කට්ටියට කූඩාරම් ගහලා ඉවර කරගන්න ටික කාලයක් ගියත් ඒ කවුරුත් ගිහින් ජීමින්ව ඇහැරවන්න ගියේ නෑ...
අන්තිමේ ගිනිමැලෙත් ගහලා ඉවර උනාට පස්සෙ ජින් ජීමින්ව ඇහැරවලා ගිනිමැලේ ලගින් වාඩි කරවව්වෙ හැමෝගෙම වගේම එයාගෙත් අත පය සීතලට රෝස පාට වෙලා තිබුන නිසයි....
හැමෝම ගිනි මැලේ වටේට ගස් කොටන් තියලා ඒවට හේත්තු වෙලා හිටියෙ ජින් හාවෙක්ව හම ගහලා පුලුස්සන අතරෙ...
"මන් කූඩාරම ඇතුලට ගියාට කමක් නැද්ද ?"
ජීමින් ටේහ්‍යන්ග්ගෙන් අහද්දි ටේහ්‍යන්ග් ජීමින්ව කූඩාරමකට ඇරලවලා ආපහු ඇවිත් කූඩාරම ලගින් ඇවිත් වාඩි උනා....
යුන්ගි කොටයක් උඩ වාඩි වෙලා මස් කෑල්ලක් කන අතරෙ ජීමින් ඉන්න කූඩාරම දිහා බලලා ජින් දිහා බැලුවා....
"ඔය එක්කරගෙන ආවෙ මහලොකු උදව් කාරයෙක්..."
යුන්ගි කියද්දි ජින් මොනවත් කියන්නෙ නැතුව හිනා උනේ එයත් කොටයක් උඩින් වාඩි වෙන ගමන්...
"එයාට පිස්සු... මාලිගාවට වෙලා ඉන්නෙ නැතුව..."
"එයාට නෙවෙයි පිස්සු ... ඔයාට... කවුද මංගල රාත්‍රියට පහුවදා දඩයමේ යන්නෙ ?"
නම්ජුන් කියද්දි හැමෝම හයියෙන් හිනා උනේ ඔලුව වනන ගමන්...
"තව සති දෙකකින් විතරනෙ දඩයමේ එන්න තිබ්බෙ ..."
"හැමෝම කොහොමත් හිතාගෙන ඉන්නෙ මන් සති දෙකකින් විතර දඩයමේ එයි කියලනෙ... ඒ හින්දා තමා ඒ අය කවුරුත් හිතාගන්නවත් කලින් මන් ආවෙ...."
යුන්ගි කිව්වෙ හැමෝම මැද දැල්වෙන ගිනිමැලේ දිහා බලාගෙන...
සතර මහා රාජදානිවල යුද්ද වලට හේතු වෙන ප්‍රදාන සම්ප්‍රදායක් තිබුනා... ඒ තමයි රාජදානි හතරට අලුතෙන් රජ කෙනෙක් පත් උන ගමන් ඒ කෙනා තමන්ගෙ බලය පෙන්වීමේ උවමනාවට කුළුහරක් දඩයමේ ගොස් වැඩිම දඩයම් ප්‍රමාණයක් සිදු කරගන්න ඕනි...
හැමෝම හිතුවෙ අස්රූස් වල අලුත්ම රජතුමා මේකට තව ටික කාලයක් ගනී කියලා... කවුරුත් හිතුවෙ නෑ එයා ඔටුනු පලන්දපු දවසට පහුවදාම දඩයමේ යයි කියලා....
" ජීමින් අනිවාරෙන් එන්න ඇත්තෙ යුන්ගි වෙන වෙන කුළුමීහරක් එක්ක සෙල්ලමට යයි කියලා හිතලා යුන්ගි ගැන ඔත්තු බලන්න ... "
ටේහ්‍යන්ග් මස් කෑල්ලක් කටේ දාගන්න ගමන් යුන්ගි දිහා බලලා කියද්දි යුන්ගි ටේහ්‍යන්ග් දිහා බලාගෙන හිටියෙ මොනවද කියන්න ඕනි කියලා හිතාගන්න බැරුව...
"ටේහ්‍යන්ග් ?"
"හහ් ?"
"ඔයා තවත් මොනවත් නොකිව්වට කමක් නෑ... "
යුන්ගි එහෙම කියද්දි ටේහ්‍යන්ග් හිනා වුනේ මොනවත් නොකියා...
අන්තිමේ හැමෝම තම තමන්ගෙ කූඩාරම් වලට රින්ග ගන්න අතරෙ යුන්ගිත් ජීමින් නිදාගෙන හිටපු කූඩාරම අස්සට රින්ග ගත්තා...
"ඔයා මාත් එක්ක නිදාගන්න ඕනි..."
ජින් එහෙම කියලා ටේහ්‍යන්ග්ව බලෙන්ම එයයි නම්ජුනුයි හිටපු කූඩාරමට එක්කරගෙන ගියා...
ජුන්ග්කුක් හෝසොක් එක්ක එක කූඩාරමකට ගියේ එයා අනිත් අයව වැඩිය අදුරන්නෙ නැති නිසයි...
"ඒ වුනාට ඒ අය අපි හිතපු විදිහට වැඩිය හොදයිනේ ?"
ජුන්ග්කුක් එයාගෙ කමිසෙ ගලවලා පැත්තකට විසි කරන ගමන් කියද්දි හෝසොක් හිනා උනේ ජුන්ග්කුක් දිහා බලන ගමන්...
"ඔව්... ඒ හැමෝම පලමු මින් ආදිපාදතුමා වගේ නෑ...."
YOU ARE READING
Lady King & The Dragon | YM ✔
Fanfiction- "යුන්ගි ජීමින්ව මේසෙ උඩින් ඉන්දලා ජීමින්ගෙ සලුව ඈත් මෑත් කරලා එයාගෙ බඩ උඩින් අත් දෙක තියද්දි ජීමින් දැක්කා යුන්ගිගෙ ඇග දිගේ ආයෙත් අර විදිහෙ නිල් පාට ඉරි මැවෙනවා. "මේ බලන්න...." යුන්ගි කියපු නිසා ජීමින් තමන්ගෙ බඩ දිහා බලද්දි එයා දැක්කා එයාගෙ බඩ ඇතු...