"වටෙන් ගොඩෙන් නැතුව මන් කෙලින්ම අහන්නද ?"
ජින් කියද්දි යුන්ගි ඔලුව කෙලින් කරගත්තෙ පුටුවට හේත්තු වෙන ගමන්...
"මොකද බරපතල විදිහට කතා කරන්නෙ ?"
"ඔයා මොකටද අර අහ්න්-ජොන්ග්ගෙ මාලිගාවට යන්නෙ තාමත් ?"
ජින් අහද්දි යුන්ගි ජින් දිහා බැලුවෙ කම්මැලිකමේ...
"මාමා කියන නිසා... එයා කිව්වෙ ගිහින් අහ්න්-ජොන්ග්ව බලලා එන්න කියලා .."
"ඇයි ඉතින් රෑට යන්නෙ ? ඔයා මොනවහරි හොර වැඩක් කරනවා නේද ?"
ජින් අහද්දි යුන්ගි දැක්කා නම්ජුනුත් එයාගෙන් උත්තරයක් හම්බ වෙනකම් එයා දිහා බලාගෙන ඉන්නව...
"ඔය දෙන්නා මන් ගැන වද වෙන එකට මට ඇත්තටම සතුටුයි... ඒ වුනාට ඔයාලට ඒක අදාල නෑනෙ..."
"යුන්ගි ? ඔයා රජතුමා නෙවෙයි හිගන්නෙක් උනත් මට වැඩක් නෑ... ඒ වුනත් ඔයාට දැනටමත් විවාහ සහකාරයෙක් ඉද්දි ඔහොම මින් ආදිපාදතුමාගෙ කීමට රෑට රෑට මාලිගාවෙන් එලියට ගිහිල්ලා කාටවත් අසාදාරණයක් කරන්න එපා.. ජීමින් මේ දේවල් ගැන දැනගත්ත දවසට ඔයා මොකද කරන්නෙ... ?"
"බය වෙන්න එපා එයා දැනටමත් දන්නවා... නැතත් මන් ඇත්තටම මාලිගාවෙන් එලියට යන්නෙ නෑ..."
"හහ් ?"
"මන් සතියකට එක පාරක් අහ්න්-ජොන්ග්ගෙන් මොනවහරි තොරතුරක් අහගන්න එහෙට ගියත් හැමදාම යන්නෙ නෑ.."
"බොරු කියන්න එපා..."
"කැමති දෙයක් ඔයාලා හිතාගන්න....ඒ වුනත් මගෙ අශ්ව කරත්තෙ එහෙට යැව්වට මන් මාලිගාවෙමයි ඉන්නෙ... ජීමින් උනත් දන්නවා මන් සතියකට එකපාරයි එහෙ යන්නෙ කියලා..."
"ඇයි සතියකට එකපාරක් හරි එහෙ යන්නෙ ?"
ජින් ඇහුවෙ ප්‍රශ්නාර්ත බැල්මෙන්...
"ඔයාලට කියලා ඔයාලා මාව පාවලා දුන්නොත් මටමයි කරදර වෙන්නෙ... දැනටමත් ඔයලා ඕනිවට වඩා දේවල් දන්නවනෙ..."
"යුන්ගි ? ඔයා මොනවා කලත් කමක් නෑ... ඒ වුනත් මන් ඔයාට එක දෙයක් කියන්නද ?"
"මොකක්ද ?"
යුන්ගි අහද්දි ජින් යුන්ගි දිහා බැලුවෙ යුන්ගිගෙ අත් දෙකෙන්ම අල්ලගෙන...
"ඔයා ජීමින්ට මොනවත් වෙන්න දෙන්න එපා හාද ?"
ජින් කියද්දි යුන්ගි ජින් දිහා බැලුවෙ පුදුමෙන්...
"ඔයාලත් ඒ විදිහටද හිතන්නෙ ? දෙයියනේ කලින් කියන්න එපැයි... මන් හිතුවා ඔයාලත් මාමගෙ කීමට වැඩ කරනවා ඇති කියලා..."
යුන්ගි කියද්දි ජිනුයි නම්ජුනුයි මූණෙන් මූණ බලාගෙන යුන්ගි දිහා බැලුවා...
"මට වෙන්න ඕනෙත් ඒකම තමා... ජීමින්ට මාමගෙන් කරදරයක් වෙන්න ඕනි නැති නිසයි මන් එයාට තාමත් ඔලුව නවාගෙන ඉන්නෙ..."
යුන්ගි කියද්දි ජිනුයි නම්ජුනුයි පුටුවලට හේත්තු උනේ ලොකු හුස්මක් පිට කරන ගමන්... ඒ අයට දැනුනෙ ලොකු බරක් ඒ අයගෙ උරහිස් උඩ පටවලා තියෙනවා වගේ...
"ඒ වුනත් ඉතින් අපි මේකට මොනවා කියලා කරන්නද ?"
ජින් අහද්දි යුන්ගි ඉදගෙන හිටපු තැනින් නැගිටලා පොත් රාක්කෙක තිබුන රත්තරන් කැටයම් දාපු ලී පෙට්ටියක් මේසෙ උඩින් ගෙනත් තිබ්බ...
"මේක තමා අපිට තියෙන අන්තිම තුරුම්පුව ..."
යුන්ගි එහෙම කියලා ඒකෙ ඇතුලෙ තිබ්බ ලියුමක් මේසෙ උඩින් තියද්දි අනිත් දෙන්නා රජතුමා දිහා බැලුවෙ ඇස් දෙක ලොකු කරගෙන...
"ඔයාට මේ ගැන විශ්වාසද ?"
නම්ජුන් අහද්දි යුන්ගි ඔලුව වැනුවෙ පුටුවෙ ආයෙත් වාඩි වෙන ගමන්...
"අහ්න්-ජොන්ග් මට ඔය ගැන කිව්වෙ..."
"එයාව විස්වාස කරන්න පුලුවන් කියලා විශ්වාසද ?"
"අනිවාරෙන්... එයාව නැතත් මාව විශ්වාස කරන්නකො...."
යුන්ගි කියද්දි නම්ජුන් ඒ ලියුම අරගෙන එයාගෙ ඇදුමෙ සාක්කුවක් අස්සට දාගත්තෙ ජින් එක්ක කාමරෙන් එලියට යන ගමන්...
"අපි මේ ගැන කාටවත් කියන්නෙ නෑ.... මේ ගැන ඉක්මනට හොයලා බලලා ඔයාට මන් පණිවිඩයක් එවන්නම්..."
YOU ARE READING
Lady King & The Dragon | YM ✔
Fanfiction- "යුන්ගි ජීමින්ව මේසෙ උඩින් ඉන්දලා ජීමින්ගෙ සලුව ඈත් මෑත් කරලා එයාගෙ බඩ උඩින් අත් දෙක තියද්දි ජීමින් දැක්කා යුන්ගිගෙ ඇග දිගේ ආයෙත් අර විදිහෙ නිල් පාට ඉරි මැවෙනවා. "මේ බලන්න...." යුන්ගි කියපු නිසා ජීමින් තමන්ගෙ බඩ දිහා බලද්දි එයා දැක්කා එයාගෙ බඩ ඇතු...