Chapter 36

643 167 19
                                    

යුන්ගි සද්දන්ත තණ පිට්ටනියක් ඉස්සරහ හිටගෙන හිටියෙ අත් දෙකත් බැදගෙන...

ඒ තණ පිට්ටනිය වටේටම පිරිලා හිටපු එළදෙන්නු නිසා තණ පිට්ටනියෙ තැනින් තැන පාලු මැකිලා තිබුනත් ඒ ඇරෙන්න විශේෂ දෙයක් එතන තිබුනෙ නෑ....

ඒ වුනත් යුන්ගි අශ්වයගෙ පිටෙනුත් බැහැලා ඒ ගව පට්ටිය දිහා බලාගෙන ඉන්නෙ ඇයි කියලා හිතාගන්න බැරි උනු තැන ජුන්ග්කුක් උගුර පෑදුවා...

"රජතුමනි , අපි යන්නෙ නැද්ද ?"

"මේ පැත්තෙ තියෙන්නෙ අස්රූස් වල මොන දොරටුවද  ?"

යුන්ගි ජුන්ග්කුක් දිහා බලලා ඇහුවෙ එයාගෙ අශ්වයා දිහාට ආපහු ඇවිත් අශ්වයගෙ පිටට නගින අතරතුරේ...

"දකුණු දොරටුව... "

"මේ පැත්තට කිසි ආරක්ශාවක් නෑනෙ... ඇයි ඒ ?"

" රජතුමාගෙ අණ නිසාමනේ..."

ජුන්ග්කුක් කියනවා ඇහිලා යුන්ගි පුදුමෙන් ඔලුව හරවලා බැලුවා...

"මන් කියපු නිසා ?"

"ඔව්... මේ පැත්තෙ ආරක්ශාවට යොදවලා තිබුන හැම සොල්දාදුවෙක්ටම පණිවිඩ ඇරියා මෙතන්ට ආරක්ශාවක් ඕනි නෑ කියලා... ඒ නිසා අපි මුර කදවුරු අයින් කලා..."

"කවුද ඔයාලට එහෙම කිව්වෙ... ? මන් එහෙම දෙයක් කිව්වෙ නෑ..."

යුන්ගි තරහෙන් හැරිලා ජුන්ග්කුක් දිහා බලපු නිසා යුන්ගිගෙ අශ්වයා නැවතුනේ යුන්ගි තෝණ් ලණුව  අදිනවා දැනිලා...

ඒ නිසා යුන්ගිට පස්සහින් ආපු මුලු අශ්ව සේනාවමත් නැවතුනා....

"රාජ අණක් තමයි ආවෙ..."

ජිනුත් හෙමීට යුන්ගි දිහා බලලා කියනවා ඇහිලා යුන්ගි ඉස්සරහ බලලා අශ්වයව ආපහු හරව ගත්තෙ මාලිගාව දිහාවට....

"මෙතන ආරක්ශාව දැන්ම යොදවන්න... මෙතනින් මීට කලින් ආපු ගියපු අය ගැනත් හොයලා බලන්න... අස්රූස් ඇතුලෙ සැක කටයුතු කෙනෙක් ඉන්නවද කියලත් හොයලා බලන්න...."

"ඇයි මොකද වුනේ ?"

යුන්ගි මාලිගාවට යන්න අශ්වයා හරවනවා දැකලා හැමෝම අශ්වයො හරවගන්න අතරෙ නම්ජුන් ඇහුවෙ පුදුමෙන්....

Lady King & The Dragon | YM ✔ Onde histórias criam vida. Descubra agora