Chapter 27

618 164 26
                                    

"යුන්ගි ?"

ජීමින් කතා කරනවා යුන්ගිට ඇහුනත් යුන්ගි එයාගෙ වැඩේට අවදානෙ දීලා හිටපු නිසා ජීමින් ගැන බලන්න ගියෙ නෑ...

"යුන්ගි ? මේ අහන්නකො..."

"මොකක්ද ?"

යුන්ගි අන්තිමේ ඇහුවෙ එයා මෙච්චර වෙලා කියව කියව හිටපු පොත පැත්තකින් තියන ගමන්...

සේනාදිපතිවරු හෝ අමාත්‍යවරු එක්ක පවත්වපු විශේෂ සාකච්චා තිබුන කාමරේ මැද මේසයක් වටේට පුටු තියලා තිබුනත් ඒ කාමරේ හුගක් වෙලාවට රජතුමා එයාගෙ වැඩ කරන්න යොදාගෙන තිබුනා ...

ඒ නිසා යුන්ගි ඒ මේසෙ මූලාසන පුටුවෙ වාඩි වෙලා ඉන්න අතරෙ ජීමින් ඊට එහා පැත්තෙ පුටුවෙ වාඩි වෙලා හිටියෙ පුටු ඇන්ද උඩින් කකුල් දෙකත් දාගෙන...

"ඔයාටත් ඕනිද ?"

ජීමින් යුන්ගි දිහා බලලා අහද්දි යුන්ගි ජීමින් දිහා බලාගෙන හිටියෙ කකුල් දෙක හොල්ල හොල්ල....

"ඇයි ඔයා මෙතන ඉන්නෙ ? ඔයාට වෙන වැඩ නැද්ද ?"

"නෑ... මන් ආවෙ ඔයත් එක්ක කතා කර කර ඉන්න...."

ජීමින් එහෙම කියලා එයාගෙ අතේ තිබුන බන්දේසියෙන් මිදි ගෙඩියක් කෑවෙ හිනා වෙන ගමන්...

"ඔයාට මිදි ඇරෙන්න කන්න හිතෙන වෙන දෙයක් නැද්ද ?"

යුන්ගි එහෙම අහන ගමන් පුටුවෙන් නැගිටලා කාමරේ අයිනෙ පොත් රාක්කයකින් පොත පරිස්සමට අරන් තියද්දි ජීමින් එයාගෙ ඔඩෙක්කෙ තිබුන මිදි බන්දේසිය දිහා බලාගෙන හිටියෙ හිනා වෙවී...

ඒ අතරෙ කාමරේ ඇතුලට කවුරුහරි එනවා ඇහිලා දෙන්නම හැරිලා බැලුවා... මින් ආදිපාදතුමා කාමරේ දොර ලගින් මතු වෙද්දි ජීමින් අහක බලාගත්තෙ මොනවත් නොකියා....

"රජතුමනි... !! "

මින් ආදිපාදතුමා ඇතුලට එන ගමන් යුන්ගිට කතා කලත් එයා ඇස් අගින් ජීමින් දිහා බැලුවා ...

ඒ වුනත් ජීමින් නැගිටලා මින් ආදිපාදතුමාට ඔලුව නවන්න තරම් වෙලාව නාස්ති කලේ නෑ... ජීමින් ඔහේ එයාගෙ පුටුවට වෙලා ඇන්ද උඩින් කකුල් දෙකත් දාගෙන මිදි ගෙඩියක් කටේ දාගෙන ජනේලෙන් එලිය බලාගෙන හිටියෙ මින් ආදිපාදතුමාව තඹ සතේකට ගණන් නොගෙන....

Lady King & The Dragon | YM ✔ Onde histórias criam vida. Descubra agora