ටේහ්යොන්ග් කැන්ටින් එකට එනකොටම දැක්කෙ අදත් එයාගෙ යාලුවො කාවහරි අල්ලගෙන බයිට් කරනවා. කටකොණට හිනාවෙවී ටේත් එතනට ගියෙ ටේහ්යොන්ග් නැතුව ඇත්තටම ඒ වගේ වැඩක් සාර්ථක නැති නිසා.
" අන්න ටේ එනවා... "
එක්කෙනෙක් කෑගහද්දි ඔක්කොම ටේ පැත්තට හැරිලා චියර් කරන්න ගත්තා.
" අද අලුත් ඇමක්ද"?
කලින් හිනාවම තියාගෙන ටේහ්යොන්ග් ඇහුවා.
" ඔව් ඔව්... අද ඇවිත් තියෙන්නෙ . හොඳ බර අත්තක් වගේ ඈ"
" කෝ බලමු"
ටේ යාලුවො ටික එහාට මෙහාට කරලා අලුත් ළමයා දිහා බැලුවෙ එයාව රැග් කරන්න පටන් ගන්න.
" ඒයි මෙහෙ බලනවා. ගෑනු ලමයෙක් වගේ බිම බලන් ඉන්නෙ මොකද? ලැජ්ජද තමුසෙට"?
ටේගෙ ගැඹුරු හඬට ගැස්සුන ළමයා එයාගෙ ලොකු ඇස් වල කඳුළු පුරවගෙන ඔලුව ඉස්සුවෙ බයෙන්.
" හා.... ඒ පාර අඬනවද? ... මොකෙක්ද බං මේ... උඹල බබෙක්වනෙ අල්ලන් තියෙන්නෙ "
ටේහ්යොන්ග් සද්දෙට කියද්දි වටේ පිටේ ඔක්කොම හිනා උනේ අලුතින් ආව ළමයගෙ ඇස් වලින් කඳුළු බේරෙනකොට.
" කිම් ටේහ්යොන්ග් "
හැමෝගෙම හිනාව නැවතුනේ පිටිපස්සෙන් ඇහුණ කටහඬ නිසා. ටේහ්යොන්ගෙ වගේම ගැඹුරු හඬක් තිබුණ ඒ කෙනාගෙ අසාමාන්ය පෞරුෂය නිසාම අනික් අයට තිබ්බෙ බයකටත් වඩා ගෞරවයක් .
" හි..හියුන්"?
" හියුන්ලා නෑ මෙහෙ. ප්රොෆෙසර් තේරුණානෙ. පැත්තකට වෙනවා. තමුසෙලා අදත් පටන් ගත්තද මේක. මම කලිනුත් කියල තියෙනවා මේ ගැන. ආයෙ නම් මට කියන්න තියන්න එපා..."
ප්රොෆෙසර් නම්ජූන් එහෙම කියාගෙන එබිලා බැලුවෙ අද කව්ද අහු වෙලා ඉන්නෙ කියල .
" දෙයියනේ ... ජන්කුක් නේද"
නම්ජූන් ඉක්මනින් ඒ ළමයා ළඟ දණගහගත්තා.
" ඔයා හොඳින්ද දරුවො? කෝ මේ බලන්න"
නම්ජූන් ගෙ ඒ හැසිරීම හැමෝටම ගෙනාවෙ පුදුමයක්.
" තමුසෙලා ඔක්කොම ... එකෙක් නෑර එනව මගෙ ඔෆිස් එකට. "
එහෙම කියපු නම්ජූන් නැගිටලා අලුත් ළමයා එහෙම නැත්තං ජන්කුක් ගෙ වීල් චෙයාර් එක තල්ලු කරන් යන්න ගියා.
ඒක දැකපු ටේගෙ ඇස් කේන්තියෙන් පිරුණා.