රූම් එකේ දොර ඇරෙනවත් එක්කම ඇතුළට ආවෙ ටේහ්යොන්ග් . නර්ස් අයිස් පැක් එකක් තියාගෙන ඉන්න ජන්කුක් ගෙ ඉදිමුණ කම්මුල දිහා බලන් ඉන්න ටේහ්යොන්ග් ව එකපාරටම පස්සට ඇදිලා ගියෙ චාලි නිසා.
" කරුණාකරල එලියට පලයන් ටේහ්යොන්ග් ... "
චාලි කේන්තියෙන් උනත් පාලනය කරගත්ත හඬකින් කිව්වා.
" මොකක්ද උනේ"
චාලි කියපු කිසි දෙයක් ගණනකට නොගත්ත ටේහ්යොන්ග් ඇහුවෙ ජන්කුක් ගෙන්. ජිමින් කේන්තියෙන් අහක බලාගනිද්දි ජන්කුක් කෙලින්ම බලාගෙන හිටියෙ ටේහ්යොන්ග් ගෙ මූණ දිහා. ඒ ඇස් වල තිබ්බෙ මහ අමුතුම බැල්මක්.
" ඇයි උඹෙ හෙංචයියලා ටික කිව්වෙ නැද්ද මොකද උනේ කියල . ඔක්කොම ප්ලෑන් කරලා ගේම දීලා දැන් ඇවිත් මොකද උනේ කියල අහන්නෙ හොඳ එකා වෙන්නද? මාව කේන්ති ගස්සන්නැතුව පලයං මෙතනින් "
" මොකක්ද උඹ කියන්නෙ"
ටේහ්යොන්ග් පැනපු ගමන් චාලිගෙ කොලර් එකෙන් අල්ලගත්තා .
" කරුණාකරල ඔයාල ඕක නවත්තන්න . නැත්තං මම ප්රින්සිපල්ට වගේම සිකියුරිටි එකට කෝල් කරනව"
නර්ස් කියද්දි චාලි ටේහ්යොන්ග් ව ඈතට තල්ලු කරල දැම්මා.
" උඹ කරපු දේවල් හොඳටම ඇති ටේහ්යොන්ග් . තවත් මේ අහිංසක ළමයි අල්ලගෙන රැග් කර කර නටන්න ගියොත් අපිත් මේක අතාරින්නෙ නෑ. මානසික ලෙඩ්ඩුන්ගෙ අසහනේ ට මේ අහිංසක ළමයි පලි නෑ. අනික මීට පස්සෙ මේ කොලේජ් එකේ කාට උනත් උඹෙන් හරි උඹෙ හෙංචයියලාගෙන් හරි කරදර වෙලා තිබ්බොත් බලාගමු"
චාලි ආයෙමත් ටේහ්යොන්ග් ව තල්ලු කරා. ඒත් ටේහ්යොන්ග් ගෙ ඇස් තිබ්බෙම ජන්කුක් දිහාවට. ඒක ජන්කුක් වගේම ජිමිනුත් හොඳටම දැක්කා. ඒ බැල්ම නිසා ජිමින් බයෙන් සීතල වෙලා ගියෙ ටේහ්යොන්ග් ගෙන් ජන්කුක් ට කරදරයක් වෙයි කියල . ඒත් ජන්කුක් ගෙ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. ජන්කුක් ඒ මුළු තප්පර ගාණම ටේහ්යොන්ග් ගෙ ඇස් වල අතරමං වෙලයි හිටියෙ. ඇත්තටම ජන්කුක් ට වටපිටාව ගැනවත් සිහියක් තිබ්බෙ නෑ.
" හරි..බෙහෙත් දාලා ඉවරයි . ඔයා ගෙදර ගියාම රෑට ආයෙම මූණට අයිස් ටිකක් තියන්න. එතකොට ඔය ඉදිමුම් අඩු වෙලා යයි"