කෑම කාලා ඉවර උන සැණින් ජන්කුක් ආයෙම වැඩ පටන් ගත්තෙ අනික් අයගෙ දැඩි විරෝධය මැද, පැය භාගෙක වගේ විවේකයක් ලැබුන නිසා ආයෙම අත වෙව්ලන්නෙ නෑ කියල ජන්කුක් වැඩ පටන් ගත්තා. ජිමින් ට තවත් ලෙක්චර්ස් තිබුණ නිසා අකමැත්තෙන් උනත් ජිමින් ට ජන්කුක් ව ටේහ්‍යොන්ග් එක්ක තනි කරල යන්න උනා. ඒ ඔම්මට පොඩ්ඩක් අසනීපයි කියල ආරංචි උන නිසා. යුන්ගි හෝබි එක්ක ජන්කුක් වැඩ කරන හැටි බලන් ඉන්නවට ටේහ්‍යොන්ග් ගෙ නම් වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.
සෑහෙන වෙලාවකට පස්සෙ ජිමින් ඇවිත් ජන්කුක් ට සමුදීලා ගියත් ජන්කුක් වැඩ නවත්තන්න කැමති උනේ නෑ. කොලේජ් ඉවර වෙලාත් පැයක් විතර යනකන් ජන්කුක් බැනර් එකෙන් ඔලුව ඉස්සුවෙ නෑ. ඒත් හදිසියේම කඩන් වැටුන මහ වැස්සෙ සද්දෙට ජන්කුක් බය වෙලා වගේ ඔලුව ඉස්සුවා.
" රෑත් වෙලාද"?
තමන්ටම මුමුණගෙන ජන්කුක් වෙලාව බලුවත් වෙලාව සටහන් උනේ 5.30 විදියට . වැස්ස නිසා පරිසරය හොඳටම කලුවර වෙලා තිබ්බා. ඒත් එක්කම ජන්කුක් ට කෝල් එකක් ආවෙ අප්පාගෙන්.
" කුකී බබා.... මොකද පරක්කු ළමයො"?
" ආනේ අප්පා මම පේන්ට් එකක් කරන ගමන්. වෙලාව යනව තේරුණේ නෑ"
" ඩ්‍රයිවර් හතරෙ ඉදන් ගේට් එක ළඟ. පරක්කු වෙනව නම් කෝල් එකක් දෙන්නෙපෑ . ඔයා දන්නවනෙ අප්පා බයවෙනව කියල"
" මියන්හේ අප්පා. ආයෙ එහෙම වෙන්නෙ නෑ"
" හ්ම්ම්... පරිස්සමට ගෙදර එන්නකො. අප්පා ගෙදර ඇවිත් ඉන්නෙ. "
" ඕකේ අප්පා"
ජන්කුක් කෝල් එක කට් කරලා එලිය බලද්දි දැක්කෙ මහා වැස්සක් කඩා වැටෙන හැටි.
" දැන් ඉතින් එලියට යන්නෙ කොහොමද "?
ජන්කුක් තොල් උල් කරගත්තා.
" වැස්ස පොඩ්ඩක් පායනකන් ඉමු ජන්කුක් . බලන්න හුළගෙ සැර. එලියට බහින එක අවදානම්"
ජන්කුක් ගෙ තොල් දිහා බලාගෙනම ටේහ්‍යොන්ග් කිව්වෙ එයාට ජන්කුක් ගෙ තොල් වලින් ඇස් අහකට ගන්න බැරි උන නිසා.
" ඒක තමයි .... හ්‍යොන් යන්නෙ කොහොමද "?
ටේහ්‍යොන්ග් එක්ක කතා නොකරත් මෙච්චර වෙලා තමන් වෙනුවෙන් ටේහ්‍යොන්ග් නැවතුණා කියන එක ජන්කුක් ට අමතක කරන්න බැරි උනා.