අද ජන්කුක් ට පොඩ්ඩක් පරක්කු උනා. වෙනදට වඩා ටිකක් වැඩිපුර නින්ද ගියපු නිසා ජන්කුක් ට වෙනදා වගේ ළමයි එන්න කලින් කැම්පස් එකට එන්න බැරි උන ගැන ජන්කුක් හිටියෙ කණගාටුවෙන්. පලවෙනි ලෙක්චර් එකට ඔන්න මෙන්න තියෙද්දි ජන්කුක් යන්තමින් ක්ලාස් රූම් එකට ආවත් හිතේ තිබුනෙ දැඩි නොසන්සුන් ගතියක්.
ඒකට හේතුව කැම්පස් එකේ ලමයි එයාව දැකපු එක.කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුළට ආව අධි සුඛෝපභෝගී වාහනය දිහා ළමයි හැමෝම බැලුවෙ පුදුමෙන් . ඒ වගේ වාහන හැමෝටම නෑ. සෝල් වලටම ඇති ඕනනම් ඒ වගේ වාහන පහක් හයක්. ඒ තරම් පොහොසත් කෙනෙක් කැම්පස් එකේ ඉන්නව කියල ළමයි කවුරුත් හිතුවෙ නෑ. ඒ වාහනෙත් එක්කම පිටිපස්සෙන් ආව අනික් වාහනෙන් කලු ඇඳගත්ත දෙන්නෙක් ඉක්මනින් බැහැලා දුවගෙන ඇවිත් අර අධි සුඛෝපභෝගී වාහනේ දොර ඇරියා. ඒත් එක්කම ඒ දිහා බලන් උන්න අයට උඩට ගත්ත හුස්ම පහලට දාන්න සිහියක් නැති උනා. හැමෝම කටවල් බාගෙට ඇරගෙන බැලුවෙ ආරක්ෂකයොන්ගෙ උදව් ඇතිව වාහනෙන් එලියට එන ජන්කුක් ව. හැමෝම දැකපු නිසා මේක විශ්වාස කරන්න පුළුවන් උනත් තනියම කෙනෙක් මේකදැකලා ඇවිත් කිව්ව නම් කිසිම කෙනෙක් විශ්වාස කරන්නෑ.
ළමයින්ගෙ කචබචය අතරින් ජන්කුක් පුළුවන් තරම් වේගෙන් වීල් චෙයාර් එක ඉස්සරන් ගියෙ එක ආරක්ෂකයෙක් ඒ පිටිපස්සෙන් දුවගෙන යද්දි. එදා දවසම හැමෝගෙම මාතෘකාව ජන්කුක් කියල නම් විශ්වාසයි . ඒ වගේම ජන්කුක් ට විහිළු කරපු එයාව බුලී කරපු හැමෝම හිටියෙත් බයෙන්.
පරක්කු වෙලා ආව නිසා ජන්කුක් ට අද ජිමින් ව මිස් උනා. ජිමින් ට උදේම ප්රැක්ටිස් තියෙනවා කියල ඊයෙම කියලයි තිබුනෙ. ජන්කුක් එයාගෙ pottery ක්ලාස් එක ඉවර කරලා ජිමින් ට මැසේජ් එකක් දැම්මෙ ලන්ච් එකේදි හම්බවෙමු කියල . මොකද ඊලග ලෙක්චර් එක ජිමින් ට ෆ්රී උනාට ජන්කුක් ට උදේ වරුවම එක දිගට ලෙක්චර්ස් .
මිස්ටර් ලී ගෙ ආර්ට් රූම් එකට එනකොට කොරිඩෝ එක දෙපැත්තේ ළමයි පිරිලා කුටු කුටු ගාන්න පටන් අරන්. එයාල කතා වෙන්නෙ තමන් ගැන කියල දන්න නිසාම ජන්කුක් හිටියෙ ලැජ්ජාවෙන් රතු වෙලා.