එදා සිද්ධිය වෙලා සතියකුත් ගත උනා. එදායින් පස්සෙ ජන්කුක් පුළුවන් තරම් ටේහ්‍යොන්ග් ව මගඇරියා. අඩුමගානෙ ටේහ්‍යොන්ග් ඉදියි කියල හිතෙන තැනකට වත් යන්න ජන්කුක් බය උනා. ටේහ්‍යොන්ග් ට උවමනා උනත් ජන්කුක් එක්ක කතා කරන්න ජන්කුක් ඒකට ඉඩක් දුන්නෙම නෑ. ඒ වගේම ජන්කුක් නොදන්න තව දෙයක් වෙලා තිබුණා. ජන්කුක් ට ටේහ්‍යොන්ග් ගෙ යාලුවො ගහපු එක ජන්කුක් ගෙ තාත්තට ආරංචි වෙලා තිබුණා. කොරියාවෙ ප්‍රසිද්ධ ම බිස්නස්මන් කෙනෙක් වෙච්ච ජොන් මහත්තයා තමන්ගෙ පුතා ගැන ඕනවටත් වඩා සැලකිලිමත් . ඒ නිසාමයි කොලේජ් එක ඇතුලෙත් පුතා වෙනුවෙන් කිහිප දෙනෙක්ම තියල තිබුණෙ. සිද්ධිය ආරංචි උන ගමන්ම ජැක්සන් ඇතුළු පිරිසව හොයාගෙන එයාලගෙ ගෙවල් වලටම ගිහින් ජන්කුක් ගෙ අප්පා එයාලට මරණීය තර්ජන කරන්න පසුබට උනේ නෑ. හැබැයි මේ කිසිම දෙයක් ජන්කුක් ට නොකියන්නත් ජොන් මහත්තයා අනික් අයව පොරොන්දු කරගත්තා .
ළඟ ලඟම එන උත්සවයක් නිසා ජන්කුක් වගේම එයාගෙ ක්ලාස් එකේ අය ගොඩක් බිසී උන එකත් ජන්කුක් ට මේ වෙලාවෙ වාසියක් උනා. මොකද එතකොට ජන්කුක් ට ටේහ්‍යොන්ග් ව මුණගැහෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
" මම නම් කියන්නෙ ජන්කුක් ඔයා ඉස්සර ඉදන්ම ඇඳපු ඒවා එක්සිබිෂන් එකට තියමු."
යුමී කියන්නෙ ජන්කුක් ගේ පේන්ටින් එක දිහා බලාගෙන.
" ඉස්සර මම චිත්‍ර ඇන්දෙ නෑ යුමී... මම කරේ ඩාන්සින් . ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට නටන්න බැරි නිසයි මම පේන්ටින් තෝරගත්තෙ"
ජන්කුක් චිත්‍රෙන් ඇස් අහකට ගන්නෙ නැතුවම කිව්වා.
" සොරි ජන්කුක් මම දැනගෙන හිටියෙ නෑ"
" අයියෝ... ඕක සොරි කියන්න දෙයක් නෙවෙයිනේ යුමී. ඔයා ඒ මොකුත්ම දැනගෙන හිටියෙ නෑනෙ.."
ජන්කුක් එයාගෙ හා දත් දෙක පෙන්නලා හිනා උනේ අහිංසක විදියට .
" ඔයා නම් හරි කියුට් අප්පා"
ජන්කුක් ගෙ කම්මුලක් මිරිකලා යුමී හිනා උනේ හරිම ලස්සනට. වෙනදා වගේ ජනේලෙන් ජන්කුක් දිහා බලන් ඉදපු ටේහ්‍යොන්ග් ගෙ ඇස් රතු උනා මේ වැඩෙන්. ජන්කුක් ඇස් කොනෙන් ටේහ්‍යොන්ග් ව දැක්කත් ඉක්මනින් ම ඒ බැල්ම මගෑරලා ආයෙම වැඩ පටන් ගත්තෙ ටේහ්‍යොන්ග් එක්ක eye contact එකක්වත් තියාගන්න ඕන නෑ කියල හිතාගෙන.