ජින් ජන්කුක්ව එක්කන් ආවේ කොෆි ශොප් එකට.
"ජන්කුක් කොෆී හොදයි නේ ද?."
"නේ හ්යුන්ග්."
"අපිට කොෆි දෙකක් ගේන්න."
ජින් කොෆි දෙකත් ඕඩර් කරලා ආපහු ජන්කුක් ගාවට ඇවිත් ඉදගත්තේ ජන්කුක් එක්ක කතා කරන්න.
"හ්යුන්ග් ඔයාට මොනාද මාත් එක්ක කතා කරන්න ඕනේ කිව්වේ."
"ජන්කුක් මට ජිමින් ඉයේ කම්පනි එකේ වුනු හැමදේම කිව්වා."
"ආ ඒ ගැනද හ්යුන්ග්."
"නේ ජන්කුක් මට කියන්න ඕනේ ටේ කියන්නේ Play Boy එකෙනෙක් තමා ඒත් එයාට ඔයාව හම්බෙන්න කලින්. හැමදාම වගේ ක්ලබ් ගියා. අපි හැමෝම කිව්වා එයාට ඔය දේවල් නවත්තන්න කියලා ඒත් එයා අපි කිව්ව දේවල් ඇහුවෙ නෑ. ඒත් එයාට ඉයාව හම්බුන දවසේ ඉදන් තමා එයා ක්ලබ් යන එක නතර කරේ. මම දන්නවා ඊයේ කම්පනි එකේදී අර වගේ දෙයක් ඔයා දකිද්දී ඔයස් ඒ විදිහට රියැක්ට් කරපු එක වැරදී කියලා මම කියන්නෑ. මොකද තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ව කිස් කරද්දී දුක හිතෙනවා. මම කියන්නේ ඒත් ටේ ඊයේ ඒ දේ කරේ කැමැත්තකින් නෙමෙයි. මම ඔයාට බල කරන්නෑ ඒත් ඔයා හරි තීරණයක් ගනී කියලා මම හිතනවා. ටේ ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුක්. මොකද ටේව මට වඩා හොදට දන්න කෙනෙක් නෑ. එයා ඉපදෙනකොටමයි එයාගේ ඔම්මා එයාව දාලා ගියේ. එදා ඉදන් මේ වෙනකල් එයාව බලාගන්න අප්පයි මායි නොවින්ද දුකක් නෑ. ඉස්කෝලේ ළමයි කියන කතාවලට ටේ මැරෙන්නත් ගියා ජන්කුක්. එයා ඊට පස්සේ තමා ක්ලබ් යන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමා මගේ කොල්ලට ඔයාව හම්බුනේ. එයා ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුක්. ඔයා හිතලා තීරණයක් ගන්න අපි කවුරුත් බල කරන්නෑ."
මෙච්චර වෙලා ජින් කියපුවා කදුලු පිරුනු ඇස් වලින් අහන් හිටපු ජන්කුක් ජින්ගෙන් ඇහුවේ.
"ජින් හ්යුන්ග් ටේටේ ඇයි අද කම්පනි එකට ආවේ නැත්තේ."
"එයාට උණ හැදිලා ජන්කුක් ඊයේ ඈ එයා ගොඩක් වෙලා වතුරේ ඉදලා ඒක හින්දා මම අද එයාව ගෙදර තියා ගත්තා."
ජින් කියපු දේ ඇහුන ගමන් ජන්කුක්ට හිතුනේ එයාගේ වැරැද්දෙන් තමා ටේට උණ හැදුනේ කියලා. ඒක නිසා ජන්කුක් පුටුවෙන් නැගිටලා දුවගෙන එලියට ගියේ ජින් කෑගහද්දිමයි.