🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁
🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂මම යීබෝ ගිය වෙලාවෙ ඉදන් කාමරෙන් එලියට ගියෙ නෑ..අසනීපයක් තිබ්බෙ නැති මට යූව දැක්ක ගමන් උණ ගත්ත නම්.. එයා මා එක්ක කතා කරොත් එහෙම මාව මැරෙයිද කියලත් බය හිතුනා.. මම බ්ලැන්කට් එක අස්සෙ ගුලි වෙලා ඉද්දි මමා ආවෙ කාමරේ දොර ඇරන් ඇතුලට..
"" සුදු පුතා.. ""
මන් ලගින් මමා ඉද ගත්තෙ මගෙ අතකින් අල්ලගෙනමයි..
"" එක පාරටම උණ ගත්තෙ මොකද පුතේ..හොදට නේද හිටියෙ..""
එයා මගෙන් ඇහුවෙත් යීබෝ අහපු ප්රශ්නෙම තමයි ..මෙයාලට මොනාද දෙන උත්තරේ.. අනේ මන්ද මට තේරෙන් නෑ කොහොම මේවට මම මූණ දෙන්නද කියල..
"" දන් නෑ මමා.. එක පාරටම උණ ගත්ත ඉතින්..""
මම මමාගෙ ඇස් මග අරින ගමන් එහෙම කිව්වෙ..
"" චූටි නිසාද ඒ..""
මාව ගැස්සුනා ඒ අහපු දෙයින්..
"" මමා..""
"" පුතා හිතුවද මම මුකුත් දන්නෙ නෑ කියල ම්ම්..""
මට දැන් නම් ඉහින් කනින් දාඩියත් දාන්න ගත්තා.. ඇත්තටම මමා හැමදේම දන්නව නම් යීබෝත් ඇත්ත දන්නවද අපේ..
"" මමා මොනා ගැනද මේ කියන්නෙ..""
"" මම දන්නවා පුතේ ඔයා චූටිට ආදරේ කරා කියල..""
"" ම..මා.. ඒක ..මේ..""
මම කියන්නෙ මොනාද කියලවත් හිතා ගන්න බැරි උනා..
"" හ්ම් චූටි ඩිවෝස් උනෙත් මොකද කියල මම දන්නවා.. එයත් ඔයාට ආදරේ කරනවා කියලත් දන්නවා පුතේ මම..""
හැමදේම මමා දැනගෙනත් ඇයි සද්ද නොකර හිටියෙ.. මොනාද දෙයියනේ මේ වෙන්නෙ.. මම එයා දිහා ඇස් ලොකු කරන් බලන් හිටියෙ කියන්න තව මුකුත් නැති හන්ද..
"" බලනව ඇති නේ කොහොමද මම දන්නෙ මේ දේවල් කියල.. හ්ම් ඔයයි චූටි එදා අන්තිමට කතා කර කර හිටපු දවසෙ.. මම හැමදේම බලන් හිටියෙ.. එයා ඔයාට necklace එකක් දැම්ම කියලත් එයා ඔයාගෙන් බ්රේස්ලට් එක ගලවල ගත්ත කියලත් මම බලන් හිටියෙ.. අන්තිමට ඔයා ඩයරියක චූටිට ආදරෙයි කියල ලියල තිබ්බ දේවලුත් මම කියෙව්වා.. චූටිට මම ඊයෙ කතා කරා මතකද...එතකොට චූටි එයාගෙ හිතේ තියෙන දේවල් මට අඬ අඬ කිව්වා පුතා..""
DU LIEST GERADE
BAD BOY😏 (Yizhan)[COMPLETED]
Romantik""හිඟන්නො ඉන්නො ඕන අපේ කකුල් යට මිසක් අපේ ඔලුව උඩ නෙවෙයි😏"" යීබෝගෙ ඒ වචන වලට සාන්ගෙ පපුව පිහි තුඩ කින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ. 😔💔 " මේ මනුස්සයට ඇත්තටම හැගීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ.. කවද වෙනකන් මම මේ...