27 වන කොටස ❤️

1.5K 254 45
                                    

🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁 🍁
🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂 🍂

මට එයා මොනා කලත් කමක් නෑ කියල එයා දිහා බලන් හිටියෙ..එයා මගේ ලගට ඇවිත් මාව එක පාරට බදා ගත්තා.. මාව ගැස්සිලා ගියා..

"" බනී ඔයා මේ තරම් අම්මට ආදරෙයිද.. ඔයාගෙ හිතේ මේ තරම් දුකක් තියෙනවද බනී..""

එයා ඔහේ කියෙව්ව.. ඒත් මොනා ගැනද මේ යීබෝ කියන්නෙ.. හරි නම් මාව මරල දාන්න වටින්නෙ..ඒත් ඩයරිය කියවලත් මේ මොනාද කියවන්නෙ යීබෝ..

"" බෝ..මොක..""

මට එච්චරයි කියන්න හම්බ උනේ.. එයා මට බාද කල නිසා..

"" මට මගේ මමා නැති වෙච්ච දාටත් ඔයාට දැනුන වගේම දැනෙයිද බනී.. ඔයා අම්ම ගැන ලියල තියෙන දේවල් දැක්කම.. මගෙ පපුව පිච්චුනා බනී..""

එයා මාව එයාගෙන් ඈත් කරල මගෙ ඇස් දිහා බලන් කිව්වෙ.. එයාගෙ ඇස් වල කදුළු...එතකොට යීබෝ අරක දැකල නැද්ද.. දෙයියනේ මම බය උන තරමක් .. ඒත් ඒකට මොකද්ද උනේ..මම ලියපුව නැති වෙන්නෙ කොහොමද..

"" මේ අහන්නකො බෝ.. ඔයා මමා නැති වෙන කතා කියල නිකන් දුක් වෙන්න එපා හරිද..මගේ අම්ම නැති උනේ අවාසනාවට..ඉතින් දැන් අපි දෙන්නටම මමා කෙනෙක් ඉන්නව නේද. ඔයාගෙ මමා කියන්නෙත් මගේ මමා වගේ තමයි ..ඒක හින්ද මම ඒ දවස් වල මගේ හිතේ දුක ලියපුව ඔයා කියවල දුක් වෙන්න එපා හරිද..""

"" හ්ම්..""

"" හරි දැන් මම ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්කො.. ""

එයා මට රෙඩි වෙන්න ඉඩ දෙද්දි .. මම ඉක්මනට බාතෲම් එකට ගිහින් දොර වහන් හුස්ම ගන්න ගත්තෙ..

මම හිතුවෙම යීබෝ ඒක දැක්ක කියල.. තව පොඩ්ඩෙන් මම එතන මැරෙන්නෙ බයටම..ඒත් මට යීබෝ පව් කියල හිතෙනවා..එයා ඇත්ත නොදැන මා එක්ක කතා කරනවා.. එයාව රැවැට්ටුවා කියල කවදම හරි දැන ගත්තොත් මොකද වෙන්නෙ..මම එයාට ඇත්ත කිව්වෙ නෑ කියල දොස් කියයි..මට ගහයි හොදටම.. අනේ එහෙම වෙන්න නම් එපා.. මට බෑ යීබෝ නැතුව ඉන්න.. එයාව මට ඕන..

මගෙ ඇස් වලින් කදුළු කඩාගෙන වැටුනා.. මම ඇහෙන නෑහෙන ගානට අඬ අඬම ශවර් එක යටට වෙලා නෑවෙ..

බොරුවක් කරපු නිසා දැවෙමින් ජීවත් වෙන මම.. ආදරය නිසා ජීවිතයම අපායක් කර ගත්ත යූ.. විශ්වාසය නිසා හීන ලෝකෙක ඉන්න යීබෝ..අපේ ජීවිත කොහෙන් නවතීද.. මට ඒ ගැන තමයි ගොඩක්ම බය..

BAD BOY😏 (Yizhan)[COMPLETED]حيث تعيش القصص. اكتشف الآن