02 වන කොටස ❤️

3K 398 48
                                    

🍁  🍁    🍁    🍁   🍁   🍁   🍁   🍁    
   🍂   🍂    🍂    🍂   🍂   🍂   🍂    🍂

තාත්තට මම හිත තද කරන් කිව්වට ඉගෙනීම නැවැත්තුව කියල..
මට ඒක ලොකු දුකක් ගෙන දුන්නා.. මගේ පෝන් එක වයිබ්‍රේට් වෙන
නිසා ස්ක්‍රීන් එක ඔන් කරල බැලුවා.. හිතුව වගේම බිනා කෝල්
දිගටම මට අරගෙන.. තවත් ඌව කලබල කරන්න බැරි කමට මම
පෝන් එක ආන්සර් කරා...

(දුරකථනයෙන්)
""හලෝ බිනා කියහන්..""

"" උබ කොහොමද බං ඔහොම ගානක් නැතුව කතා කරන්නෙ..""

"" ඇයි උබ කියන්නෙ මට අඬ අඬ කතා කරන්න කියලද..""

"" එහෙම නෙවේ බං.. උබ මොන හිතකින්ද ඉගෙනීම අතෑරල 
දැම්මෙ කියපන්..""

මම දන්නවා බිනා ඉන්නෙත් මේ වෙලාවෙ ගොඩක් දුකින් කියල..මොකද මම මගේ උපාදිය ගැන හීන දැක්ක වගේම බිනාත් මගේ
හීන හැබෑ කරගන්න ගොඩක් උදව් කලා..මම එක පාරට හැම දේම අතෑරල දැම්මෙ තුන් හිතකින්වත් නෙවේ කියල බිනා හොදා
කාරවම දන්නවා.. බිනා තරම් මං ගැන දන්න වෙන කවුරුත්ම නෑ..

"" මමත් කැමති ඩිග්‍රිය ගන්න..ඒත් බං උබ දැක්ක ඊයෙ මගෙ තාත්තගෙ කනට අරූ ගැහුවා.. අපි දෙන්නවම ලබන මාසෙ එලියට දානව කිව්ව කුලිය නොදුන්නොත්..ඉතින් පුතා විදිහට පුලුවන් ද බං මේ දේවල් නොදැක්ක වගේ අහක බලන් ඉන්න.. මට බෑ තාත්තා මං නිසා දුක් විදිනවා බලන්න..ඒ හින්දයි මම තීරණයක් ගත්තෙ බංගලාවෙ වැඩ කරන්න..""

"" හ්ම්ම්..උබ තීරණය කරල ඉවරනෙ දැන් කොහොමත්..මම මොනා කිව්වත් අහන්න ලෑස්ති නෑ කියල මම දන්නවා..එහෙනම් බං පරිස්සමෙන් වැඩ ටික කර ගනින්..මම පුලුවන් වෙලාවට ඇවිත් බලන්නම් උබව..""

ආයෙ මගේ වචනයක් වත් නාහා බිනා පෝන් එක කට් කරා..තරහෙන් ඉන්නෙ කියල මම දන්නව ඒත් ආයෙ cool උනාම ඌම මාව හොයන් එනව කියලත් දැනගෙන හිටියෙ මම..

ටික වෙලාවක් වෙච්ච දේවල් ගැන කල්පනා කර කර හිටපු මට නොදැනිම නින්ද ගිහින් තිබ්බා..

*
*
*
*
*
*
*
*
*
*
උදේ පාන්දර හයට ඇහැරුනේ මාව ගැස්සිලා නරක හීනයක් දැක්ක නිසා..මම ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව එක හුස්මට බීල
ඉවර කරා..අද දවස නම් මහ මූසල දවසක් කියල මට දැනුනෙම..තව ටිකකින් තාත්තා එක්ක යන්න ඕන නිසා මම ටවල් එකත් අරන්
බාත්රූම් එකට ගියා..

BAD BOY😏 (Yizhan)[COMPLETED]Donde viven las historias. Descúbrelo ahora