yibo pov
ඇත්තටම චෙන් කියපු දේට මම බය වුණා මොකද එයා කිව්ව දෙයක් කරන කෙනෙක්
මම එහෙම මගේ බෑග් එකට බඩු දාන්න පටන් ගත්තා
"ඔයා කොහෙද යන්න හදන්නේ යීබෝ?"
'මට ආයෙ චයිනා වලට යන්න වෙලා...".
මං ඊයෙ ශාන්ට බැන්නවත්ද .. මතකත් නෑ . මොකක් උනත් දැන් මගේ ලොකුම වගකීම යෑන්ලි . මට ආයෙ මගෙ යෑන්ලිව නැති කර ගන්න බෑ ශාන්.....
"මම ඔයාට එහෙන් අපාර්ට්මන්ට් එකක් අරන් දෙන්නම් . හොදද යෑන්ලි "
"මට ඔයත් එක්ක ඉන්න බැරිද යීබෝ .."
මම කොහොමද එයාට ශාන් ගැන කියන්නෙ .........
මම අම්මල එක්කනෙ ඉන්නෙ යෑන්ලි .. බය වෙන්න එපා මම රෑට නිදාගන්න අනිවාර්යයෙන් ඔයා ලගට එනව ....
මම ඔක්කොම බඩු ලෑස්ති කරන් එයාර්පෝර්ට් එකට ගියා
චෙන්pov
මම යීබෝ ව ගන්න එයාර්පෝර්ට් එකට ආවත් මම එයාව මුනගැසුනම මොකක් කරාවිද කියල දන්නෙ නෑ .. මට කේන්තියි ... මේ මිනිහ නිසා අර අහින්සකයා අඩලම හුස්මගන්න බැරි උනා ... ශාන්ට එයාගෙ අම්මලට කතා කරන්නවත් උවමනාවක් නෑ ........
මම ඇත්තටම මේ යීබෝ ව මරනව අර ගෑනු කෙනා එක්ක සම්බන්දෙ තියාගත්තොත්
ටික වෙලාවකින් යීබෝ එයාර්පෝර්ට් එකෙන් එලියට ආව... ඒත් ආවෙ තනියෙන් නෙමෙයි ... තවත් ගෑනු කෙනෙක් ගෙ අතින් අල්ලගෙන....
චටාස්.....
"අය් යේ.........."
"අය් ය කියන්න එපා මට ..!!! "
"කවුද ඔයා ඇයි මගේ බොයිෆ්‍රෙන්ඩ් ට ගැහුවේ. "
"තමුන් දන්නවද මම ගෑනු අයට ගහන්නෙ නැති නිසා ඉවසන් ඉන්නෙ"
"එහෙනම් තමුන් ශාන්ට බොරු කලා නේද ??? ආ කියනවා!!!"
"අය් යේ.. ""
"මම කිව්වනෙ මට අය් ය කියන්න එපා .. ආයෙ තමුන්ගෙ හෙවනැල්ලක්වත් මගෙ ශාන් ලගට වැටුනොත් මම තමුසෙව මරනව ... "
එසේ කියමින් චෙන් කෙලින්ම ශාන්ගෙ ගෙදරට ගියා....චෙන් යනවිටත් ශාන් බින්ව බදාගෙන අඩන් ගමන් හිටියෙ
"අය් යෙ... ඒක ඇත්තක් නෙමේ නේද ..".