the little boy in the bus stop

332 52 0
                                    

සීතල දෙසැම්බරය සෝල් නගරය පුරාම හිම කුනාටු වලින් නහවමින් තිබිණි..සියල්ලෝම හෙට දින නත්තලට සැරසෙන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති තරුණයෙක් බස් නැවතුම් පලක් අසල නැවතුනේ තවද ඇවිද යාමට ඔහුට ශක්තිය ඉතිරිව නොමැති නිසාවෙනි

"ඇයි මටම මෙහෙම වෙන්නේ ඇයි හැමෝගෙම හැමදේම හොදට තියෙන්න ඕනෙද දෙයියනේ...මොකක්ද මම කරපු වරද මිනිස්සු මෙච්චර මට වෛර කරන්න..."

බස් හෝල්ට් එකේ කොනට වෙලා හෙමින් මුමුණමින් අඩන කොල්ලක්ව ඔහු දකිනවා

"ඒ මේ මිනිස්සුන්ගේ මෝඩ කම මිසක් ඔයාගේ වරදක් නෙවෙයි කොල්ලො"

පුන්චි කොල්ලගේ ඔලුවට තට්ටුවක් දාපු ඒ පිරිමි ලමයා තව ටිකක් චූටි කොල්ලට ලං වෙලා මූනට එබෙනවා..

"මොකක්ද ඔයාගේ නම" පිරිමි ලමයා චූටි කොල්ලගේ අතක් අල්ලන් ඇහුවා

"කි- කි-ම් ට්- ටේහියුන්" චූටි කොල්ලා හෙමින් ඔලුව උස්සන ගමන් කීවා

"වොහ් ලස්සනයි" පිරිමි ලමයා ඒ වෙලාවේ තමයි මේ පුන්චි කුමාරයාගේ මූන දැක්කේ..ඇත්තටම ලස්සනයි

"ඔ- ඔයා ක-කවුද" චූටි කොල්ලා පිරිමි ලමයගේ මූනට එබෙන ගමන් ඇහුවා

"ජියොන් ජන්කුක්" ජන්කුක් ඉස්සරහා බලාගෙනම මිමිනුවා

"ජ- ජන්කුක් ඒක සාමාන්‍යයෙන් දුර්ලභ නමක්.මම අදමයි ඇහුවේ" චූටි කොල්ලා නැත්තම් ටේහියුන් ජන්කුක්ගේ මූනට එබෙමින් හිනා උනා

"ම්ම්....හරියට කලුනික වගේ" ජන්කුක් හැගීම විරහිතව කීවා

"කලුනික" ටේහියුන් හිමින් මිමිනුවා

"ම්ම් ටේහියුන් ඒ නමත් කලුනික වගේ" ජන්කුක් තොල් අතරේ සිනාවක් රදවාගෙන ටේහියුන් දෙස බැලුවා

"ඒ කොහොමද" හරිබරි ගැහිලා ඉදගත්ත ටේහියුන් ජන්කුක්ගේ කතාවට සවන්දෙන්න ලෑස්ති උනා

"මොකද එක අඩුපාඩුවක් නිසා ඔයා වගේ ලස්සන හුරතල් පුන්චි කොල්ලෙක් අයින් කරන එක හරියට කලුනික නැතිකරගත්තා වගේ තමහ්" ජන්කුක් පාච්චලේට හිනා උනත් ටේහියුන්ට නම් කිසිම දෙයක් තේරුම් ගැනීමේ හැකීවක් තිබ්බේ නෑ

Blue and Gray [Completed]Where stories live. Discover now