" ජුන් 😡 මන් තමුන්ට ආයේ කියන්නේ නෑ කන්ග් ගේ දුව එක්ක තියෙන සම්බන්ධේ වහාම නතර කරනවා "
" අප්පා මන් පොඩි එකෙක් නෙවෙයි අනික යූමි ගේ තියෙන අඩුපාඩුව මොකක්ද ? "
" හහ් 😑 අඩුපාඩුව යුමීට දේපළවලින් නම් කිසිම අඩුවක් නැතුව ඇති එකීගේ හැදියාවෙනම් ලොකු අඩුවක් තියෙනවා ජුන් 😡 කොට කොටේ ඇදගෙන ක්ලාබ් ගානේ ගිහින් ඩ්‍රග්ස් ඩ්‍රින්ක්ස් ගන්න එකීයක්වද උබ මේ ගෙදර ලේලි කරන්න හිතාගෙන ඉන්නේ "
"අප්පා 😡 හොදටම ඇති මගේ පුද්ගලික ජිවිතේට ඇඟිලි ගහන්න එන්න එපා මන් කරන්නේ මට ඕන දේ "
" හහ් 😏 අපි බලමුකෝ ජුන් තමුන් අහපු නැහැදිච්ච දෙයක් කරලා තිබ්බොත් මන් තමුන්ට හොද දෙයක් කරනවා "
කොල්ලා එයාගේ අප්පා එක්ක තරහින් ගෙදරින් එළියට බැහැලා වාහනයත් අරන් ගෙදරින් එළියට ගියා....
Joon povයා අප්පා අප්පා...ඔයා කොහොමද මගේ දේවල් වලට ඇඟිලි ගහන්නේ මන් දන්නවා එක එයාට තියෙන අයිතියක් එත් මගේ ආදරයට ඇඟිල්ල දික් කරන එක මන් පිළිගන්නේ කොහොමද ?
මන් තරහින් ගෙදරින් එළියට ආවේ යන්නේ කොහෙදවත් කියලා හිතාගන්න බැරුව වෙනදාට නම් හ්‍යුන්ග්ලා ගාවට යන්න වුණත් අද එකටත් හිතක් නැති නිසා මන් කෙලින්ම ක්ලාබ් එහෙකට යන්න තිරණය කරේ ටිකක් රිලැක්ස් වෙන්න....