වෙඩින් එකෙන් පස්සේ අහස්යායි නම්ජුන් දෙන්නා හෝල් එකෙන් පිටවෙලා ආවා ...එයාලා එක්කම වගේ අහස්යා ගේ අම්මායි තාත්තායි දෙන්නාත් අයෙමත් ලංකාවට යන්න එයාර්පෝට් එකට පිටවෙලා ගියා අහස්යාටත් එයාලාව එයාර්පෝට් එකට ඇරලවන්න ඕන වුණත් අහස්යාගේ අම්මායි තාත්තායි දෙන්නා එකට එච්චර කැමති නොවුණ නිසා කෙල්ලට නම්ජුන් එක්ක එයාලාගේ අලුත් ගෙදරට යන්න පිටත් වුණා ...
ඇත්තම කිව්වොත් අලුත බැදපු කපල් එකක් හරි නම් හනිමුන්නේ යන්න ඕන එත් මේ නම්ජුන් අහස්යාට කලින් එයාගේ ඔෆිස් එක කසාඳ බැදපු නිසා එයාට හනිමුන් යන්න බෑලු...
කොහොමින් කොහොමහරි නම්ජුන් අහස්යා දෙන්නා මිස්ටර් කිම් ලැස්ති කරපු අලුත් ගෙදරට ගියා...හරිම හුරුබුහුටි වැඩිය ලොකුත් නැති පොඩිත් නැති ගෙයක් තමා ලැස්ති කරලා තිබ්බේ කිම් මෙන්ෂන් එක වෙනුවට මේ ගෙදර දෙන්න හේතු දෙකක් තියෙනවා පලවෙනි දේ තමා මේ ගෙදර තියෙන්නේ රූම්ස් දෙකයි එකක් අමුත්තන්ගේ කාමරේ අනික මාස්ටර් බෙඩ් රූම් එක ඉතින් දෙන්නාටම එක රූම් එකයි බෙදාහදාගන්න තියෙන්නේ අනික තමා නම්ජුන් ගේ ඔෆිස් එකට මෙතන ඉදලා තියෙන්නේ හරියටම විනාඩි දහයයි ඉතින් ඔන්න ඔය කාරනය නිසා තමා මිස්ටර් කිම් මේ ගෙදර දෙන්න හේතුව