නිහඩ සිත්තරාවි - 2

74 18 48
                                    

ju kyung pov


අයිශ්!!! ආයෙත් අමතක උනානෙ.


මට කෑ ගැහුනේ මට හැමතිස්සෙම මේ වැඩේ අමතක වෙන හින්දා. මම පේන්ටින්ග් වලට කොච්චර ආසද කියනවනං මට පේන්ට්ස් ඉවර වෙලා ආයෙ ඕනේ වෙනකම්ම ඒව ගන්න සිහියක් නෑ. මම බාගෙට පාට කරපු කැන්වස් එක පරිස්සමට අරගෙන මේසෙ උඩින් තියලා ඒක දිහා බලාගෙන හිටියා.


ම්ම්ම් ඔයා ඉන්නකො ටිකක් මම ඉක්මනටම ඔයගෙ මේකප් එක දාන්නංකො බෙයර්


මම ඒ කැන්වස් එකටත් ඒම කියලා මගේ කාමරේට ගිහින් මගෙ සුපුරුදු ජාතික ඇදුම උනු කලු හුඩී එකයි ටයිට් ඩෙනිමයි ඇදගෙන එලියට බැස්සෙ ඉවර උනු පේන්ට්ස් ගන්න යන්න.


මම ජූ ක්යුන්. මින් ජු කියුන්. මට අවුරුදු 24යි. යුනි එකේ අන්තිම අවුරුද්දෙ ඉන්නේ. මගේ එකම හීනෙ උනේ ලෝකෙම දන්න චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඒත් මට දැං ඕනෙ එයා විතරක් දන්න කෙනෙක් වෙන්න. මගෙ බෙයර් දන්න කෙනෙක් වෙන්න. මගෙ බෙයර් හින්දා තමා අද මම මේ වගේ පේන්ට්ස් අදින්නේ.


මම බෙයර්ව මුලින්ම දැක්කේ එයාගේ මියුසික් වීඩියෝ එකකින්. එයාගෙ කටහඩට මම වශී උනා වගේ. එයාගෙ කටහඩට මගෙ වගේ කැඩිච්චි තනිවිච්චි හිත් ගොඩක් හදන්න පුලුවන්. මම බෙයර්ගෙ චිත්‍ර අදින්න ගත්තෙ එයාවඅදෙක්ක දවසෙ ඉදන්. ඒත් මාස තුනකට විතර කලින් ආපු අදහසක් හින්දා මම අදින පේන්ට්ස් මම එයාට යවන්න ගත්තා. ඒත් ඉතින් ගොඩක් ෆෑන්ස්ල එයාට ගිෆ්ට් එවනවනේ. මට ඉතින් ඕනෙ උනා ඒක පොඩ්ඩක් විශේශ කරන්න.


එක දවසක් ගෙදරින් එලියට යද්දි මම අහම්බෙන් දැක්කා බෙයර් ව . මට මගේ ඇස්දෙක විස්වාස කරන්න බැරි උනා. බෙයර් මගේ ගේලග! එයයි තව ලොකු උරහිස් දෙකක් තියෙන හැන්ඩ්සම් කොල්ලෙකුයි ගේ අලුතින් මේ පැත්තේ තියෙන ගෙදරට යනව දැක්කා. 


වාව්... එයා මගෙ ලගටම ඇවිත්...එයාව ඈතින් හරි බලාගන්න පුලුවන් දැං.

SECRET PAINTER ||KTH|| (COMPLETE)Where stories live. Discover now