නිහඬ සිත්තරාවී - 5

55 16 45
                                    


"oops.. මම් හිතුවෙ ඔයා මාව දන්නේ නෑ කියලා"

ජූ අඩියට දෙකට ඇඳෙන් බැහැලා ටේ ගාවට දුවගෙන එද්දිත් ටේ කට කොණට හිනාවක් දාලා ඇහුවේ සාක්කු දෙකටත් අත් දෙක දාලා.



"මොහ්..... ආහ්.....දේ..... මං ඔයාව ද..දන්නෑ තමා...... ඒත් මේ... පොඩ්ඩක්..... මේ පැත්තට වෙලා කතා කරනවද?"

ජූ ක්යොන්ග් කොච්චර බය උණාද කිව්වොත් එයා ටේ ගාවට දුවගෙන ගියේ කොහොමද කියලවත් එයාට මතක් උනේ නෑ. එයාගේ මූණත් සුදුමැලි වෙලා හාට් බීට් එකත් ඩබල් ස්පීඩ් එකෙන් ගැහෙද්දී එතනට ගිය ජූ  කළබලෙන් වගේ එහෙම කියද්දී ටේ ඇහිබැමකුත් උස්සලා පොඩ්ඩක් එයාගේ මූණට පාත් උනා. 



"ඇයි මං මේ පැත්තේ හිටියම මොකද? ආහ්..... බැරි වෙලාවත්......මේ පැත්තේ ඔයගේ මොකක්හරි රහසක්වත් හැංගිලාවත් තියෙනවද ආහ්?"

ටේ එහෙම අහද්දී ජූ ක්යොන්ග්ට ලොකූ කෙළ ගුලියක් ගිලුනේ මුළු ඇගම සීතල වෙලා යද්දී... දැන් මොකද්ද කියන්නේ? මෙච්චර වෙලා හෙන ගැම්මෙන් හිටියෙ එයාව දන්නෙ නෑ වගේ ඒ මදිවට බයස් ඉස්සරහ හෙන ලොකු කමක්නෙ දැම්ම නෙ දැං අහු උනොත් ඉවරයි.



"ය...යාහ්...... මි..මිච්චස්සෝ........??? මං.....ම...ං.....මොකටද......."

ආයිශ්......වචනත් ගොත ගැහෙනවා. යාහ්...මෙහෙම ගියොත් ටේ ගේ අතටම අහුවෙනවා මෝඩි.



"එහෙනං......ඇයි ගොත ගහන්නේ......?"



"අ..අන්ද්වේ....... අනේ....ටේ.....ඔප්ප......එ..එපා......."

ටේ එහෙම කියලා ඇහි පිය ගහන වේගෙන් ඒ කාමරේ දොරත් ඇරගෙන ඇතුළට ගියේ ජූ ක්යොන්ගේ හාට් එකම නවත්තන ගමන්. එයා කෑ ගහගෙන ටේ පස්සෙන් ගියත් ටේ කිසිම හදිස්සියක් නැතුව කාමටේ පුරාම ඇහැ ගෙනිහින් කාමරේ මැදම නතර වෙලා ජූ ක්යොන්ග් දිහා හැරිලා බැලුවේ පල් හිනාවකුත් දාගෙන. ඒ වෙද්දී ජූ ක්යොන්ග් බය වෙන්න තියෙන උපරිමේටම බය වුණේ මේ කාමරේ තියෙන ලොකුම රහස ටේ ඉස්සරහම එළි වෙච්චි එකට. බය  නිසා ම ජූ ක්යොන්ග් ඉක්මනට බිම බලාගත්තේ අත් දෙකත් තදට අල්ලගෙන.

SECRET PAINTER ||KTH|| (COMPLETE)Donde viven las historias. Descúbrelo ahora