💚🌹 Chapter 19🌹❤️

602 109 72
                                    

බනී තවත් දවස් කීපයක් රෝහලේ ගත කරද්දී බනී ට යීබෝව මුණ ගැහෙන එක අවම වෙලා තිබුණා.ග්‍රැනී වගේම ෂුආන් හැමවෙළේම බනී ගේ තනියට ළඟ හිටියත් හැමදාම ළඟින් හිටපු යීබෝ නැති අඩුව බනීට තදින්ම දැනුණා.හැමදේම සාමකාමී උණත් හැමෝගෙම වෙනසක් බනී ට දැනෙද්දී හදිසියේ සිදු උණ මින්ගේ පැමිණීම බනීව කලබල කරලා තිබුණා.

"ෂුආන්....ඇයි ඇයි එයා ආවෙ...."

තමන් දැකපු මුල් දවසෙ ඉඳන්ම තමන් එක්ක තරහින් හිටපු මින් රෝහලටම ඇවිත් බනීව බලලා යද්දී ආදරෙන් සලකද්දී බනී පුදුම උණා.

"එයා එයාගෙ ඉලක්කේ වෙනස් කරලා මට පෙන්නේ...ඔයා බයවෙන්න එපා බබෝ.ඒක යීබෝ එක්ක උණත්...ඔයා එක්ක නම් කොහොමවත් වෙන්නේ නෑ..."

ෂුආන් කිව්වේ කලකිරුණු හඬකින් වෙද්දී බනී ට කිසිදෙයක් තේරුම් ගන්න බැරි උණා.

"බයවෙන්න එපා මගෙ පුංචි දිදී පැටියෝ.... ඔයා මෙවා ගැන හිතන්න ඕනා නෑ.හොදටම සනීප වෙන එක ගැන විතරක් හිතන්න හොදද...."

"හ්හ්ම්ම්...ඒත් ඔයාලා හැමෝම වෙනස් වෙලා...යීබෝ මාව මඟ අරිනවා...ග්‍රැනී ආව වෙළේ මාව බදන් හුගාක් ඇඬුවා.දැන් ඔයාගෙ පපා... ඔයාලා මගෙන් මොනා හරි හන්ඟනවා..."

"අපි ඔයාගෙන් මොකුත් හංගන්නෙ නෑ බබා.ඔයා වගේම යීබෝ වෙනුවෙනුත් පොඩ්ඩක් කල් ගන්නවා විතරයි.ඔයාලා දෙන්නම ලෑස්ති උණාම.... යීබෝ හැමදේම කියයි.ඔයා තාම හොඳ උණා විතරනේ...."

ෂුආන්ගෙ කතාවත් එක්ක හිතට බයක් දැනුණත් බනී හිත හදාගන්න උත්සාහ කරා.
.
.
.
.
.
.
.
හැම දේ ගැනම යීබෝ එක්ක කතා කරන්න ඉඳලා හිටලා යීබෝ හමු වෙන වෙලාවට උත්සාහ කරත් බනී ට ඒ වෙනුවෙන් අවස්ථාවක් නොලැබෙද්දී බනී ට ආයිමත් නිවසට යන්න පුළුවන් උණා.තමන්ගෙම තැනකට ආවා වගේ නිදහසක් කාලෙකින් ලැබෙද්දී බනී හිටියෙ සතුටින්.ග්‍රැනී වගේම ෂුආන් යීබෝගේ නිවසේම නතරවෙද්දී බනී ට කුතුහලයක් ඇති උණත් ඒ ආදරේ අස්සෙ හුරතල් වෙන්න බනී ගොඩක් ආස උණා.

පුරුදු විදිහටම රෑ ගතවෙද්දී බනී යීබෝ එනකම් බලන් හිටියා වෙද්දී බැරිම තැන බනී යීබෝව හොයන් කාමරේට ගියා.මහ රෑ මැද හැම තැනම හෙව්වත් යීබෝව ගේ ඇතුලේ හොයාගන්න බැරි වෙද්දී බනී එළියට ගියා.අන්තිමේ මිදුලේ තිබුණ බංකුවෙ කළුවරේම වාඩිවෙලා හිටපු යීබෝව බනී ට හම්බ උණා...

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now