♡ 01

64 17 6
                                    

වේගවත් නොවුනත් විවර කර තිබූ ජනේලයෙන් හමාගෙන ආපු මද පවන තුල යම් තරමක සීතලක් අන්තර්ගත උනා. පිටට අව් රශ්මිය සීතල පරාද කරන බව පේන්න තිබුනත් ඇත්තටම සීතල පරාද කරන්න පුළුවන් මට්ටමට ඉහලයි.

පාරේ ගමන් ගන්න කෙනෙකුට ඇහෙන්න තරම් ප්‍රමාණවත් උනේ නැති පියානෝ වාදනය වාදකයාට නම් දිව්‍ය ලෝකයක්. පුදුමයක් නෙවෙයි! වාදකයා ජීවත් උනේ පොළොවට තට්ටු විසි හතරක් ඈත. 

කොහොම නමුත් ඔහුගේ නිවස පහු කරන කෙනෙක් නෑරම විසි හතරවැනි තට්ටුවට ඇස් යොමු කරන්න අමතක කලේ නෑ. ඒ තරම් ප්‍රසිද්ධ පියානෝ වාදකයාගෙ දවස ආරම්භ උනේ ජනේලය අයිනට ස්ථානගත කර තිබූ පියානෝවේ අනර්ග සහ දීර්ඝ වාදනයකින් බව නගරයෙ පූස් පැටව් පවා දිව්රාවී.

පියානෝ වාදකයා පූසන් අතර ද ප්‍රසිද්ධ වග සඳහන් කරන්නම ඕන. එයාගෙ සුරතලා පූසෙක් වීම නම් ඊට හේතුවක් නෙවෙයි.

"ඉවරයි වගේ."

වාදකයා පියානෝවට එහායින් තියාගත් ඇමරිකානෝ එකේ අන්තිම උගුරත් උඩට ඇද්දා. ශබ්දය කෙසේ වෙතත් බීමෙන් වහනය වන සුවඳ වාදකයාට තවත් එකක අවශ්‍යතාව පෙන්වලා දුන්නා.

එයා දන්නවා එකක් ඉවර උනාම තව එකක් ඕනම බව. නමුත් එක වතාවේ දෙකක් මිලදී ගන්නවට වඩා දවසට දෙවතාවක් කඩයට යෑම තමන්ටම හොරෙන් එයා අනුමත කරලා.

පියානෝව තවත් වතාවක් වාදනය කරලා නැවතුනු වාදකයා දිගම දිග සීත කබායෙන් තමන්ව වහගත්තෙ අඩි කිහිපයක් එහායින් තිබූ කෝපි කඩයට ඇතුල් වීමේ උනන්දුවෙන්.

♡♡

ᴄʀᴇᴇᴘɪɴ' • sɪɴ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Wo Geschichten leben. Entdecke jetzt