"සර්ට තේ එකක් ගෙනත් දෙන්නද? කෝපි එකක්? නැත්තම් ඇම-"
"ගෙදර යන්න මිස්ටර් මින්."
ජින් හරිම සන්සුන්ව යූන්ගිගෙ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කලා. රාත්‍රී දහය පහු වෙමින් තිබුනත් හෙටම අවශ්‍ය තොග ඇනවුමක් දැනුම් දීලා තිබුනෙ දවල් වෙලාවේ.
රාත්‍රිය පුරාවට යූන්ගි මගින් මගට ඇවිත් සෝක්ජින්ට කරදරයක් උනා.
"හොඳයි."
වචන කීපයක් මුමුණමින් යූන්ගි හැරිලා ගියත් කරදරයක් වෙන්න හරි ළඟින් ඉන්නවටයි ජින් කැමති උනෙ.
ඒකට හේතුව ජින් සහ යූන්ගි හැරුනුකොට කාර්යාලයේ රැඳුනෙ මුරකරුවා විතරක් නිසාම නෙවෙයි. මොර සූරන වැස්සත් එක්ක තිබුනු නොනැවතුම් ගෙරවිල්ලට සෝක්ජින් බයයි. විදුලිය විසන්ධි උනොත්?
යූන්ගි අඩි දෙකක් යන්නත් කලින් ලොකු ගෙරවිල්ලක් එක්ක අකුණක් වදිනකොට ජින් යූන්ගි ළඟට දිව්වා.
"යු..යූන්ගි."
යූන්ගිගෙ ඇඟට නගින්න ආපු ක්ෂණික සිතුවිල්ල පහ කරලා ජින් හිමීට කාර්යාල දොර වහලා දැම්මා.
"අකුණු සැරයි. තව ටිකක් ඉඳලා වැස්ස අඩු කලාම යන්න. ම..මගෙ සේවකයෝ ගැන මම සැ..සැලකිලිමත් වෙන්න ඕන."
මූණට ආපු හිනාව තමන්ව මෝඩ විදිහට පෙන්නුම් කරන බව දන්නවා උනත් නොයෙක් ආකාර හැඟීම් වලට සමු දෙන්න විතරක් ජින්ට පුළුවන් උනා.
වැඩි දුරක් යන්න කලින් ජින්ගෙ අතේ පැටලුනු යූන්ගිගෙ අත් ජින්ව ඇදලා දොරට හේත්තු කරගන්න සමත් උනා. මූණ පුරා තිබුනු පුදුම සහගත ලකුණු නොසලා හැරපු යූන්ගි ජින්ගෙ තොල් වලට බර වෙන්න තප්පරයක් ගන්න ඇති.
අකුණු සහ ගෙරවුම් මැදින් හමාගෙන ආපු සීතල එකිනෙකාගෙන් පිට කරගැනීමට වගේ වෙලිලා හිටපු ජෝඩුව උණුසුම් හැඟීමකින් පුරවන්න පුංචි නමුත් ආදරණීය හාදුවට පුළුවන් උනා.
"ආදරේ හංගලා උද්දච්චකම් පෙන්නන්නෙ ඇයි?"
♡♡
+ END!
+ ෆර්ස්ට් යූන්ජින් ස්ටෝරි එක. එච්චර සාර්ථක නම් නැතුව ඇති?
+ අදහස් දක්වන්න ප්‍රෙන්ස්.
#coniglietto
YOU ARE READING
ᴄʀᴇᴇᴘɪɴ' • sɪɴ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionSomebody said they saw you... The person you were kissing wasn't me!