♡ 03

27 12 3
                                    

ඇමරිකානෝ එක පහලට කරලා අල්ලගෙන හිටපු පියානෝ ශිල්පියා චයිනාටවුන් වීදිය දිගට ඇවිදගෙන ගියා.

අතරින් පතර තමන්ගේ ඇමරිකානෝ එක පිළියෙල කර අතටම සැපයූ පෝල් ඒන්ජලින් ලෝන්ජ් හිමිකරු පිළිබඳ කල්පනා වෙන එක නතර කරගන්න වාදකයාට පුළුවන් උනේ නෑ.

තමන්ට වඩා උසින් වැඩි හුරතල් තොල් සහිත කඩවසම් තරුණයා වයසින් බාල බව වාදකයා තහවුරු කරගෙන තිබුනේ අන්තර්ජාලය මගින්. අවුරුද්දකට ආසන්න කාලයක් අයිතිකරු ගැන හෙවිල්ලෙන් ඉඳලත් එයා ඇත්තටම අයිතිකරු බව නොදැන සිටීම වාදකයාට ඇති කලේ ලැජ්ජාවක්.

වාදකයා අන්තර්ජාලය පිළිබඳ උනන්දු නැති එක තමයි තිබුනු හොඳම හේතුව. එයා කිසිම සමාජ මාධ්‍යක ගිනුම් විවෘත කර තිබූ කෙනෙක් නෙවෙයි.

"ඇයි මගෙ ඉවසීම මෙච්චරටම බලවත්?"

වාදකයාගෙ ඉවසීම අවුරුද්දක් තිස්සෙ තමන්ව පාලනය කරගෙන ඉඳලා තිබුනත් මේ වෙනකොට වාදකයාට පසු තැවීමක් ඉතුරු උනේ හවස් වරුවේ දැනගන්න ලැබුනු පණිවිඩය නිසා වෙන්න පුළුවන්.

'සෝක්ජින් හෙට සෝල් වල එයාගෙ අලුත් කාර්යාලය විවෘත කලාම ගොඩක් කාර්යය බහුල වේවි. ඉන්චොන් එන එක නම් හිතන්නවත් බැරි බව තමයි දැනගන්න ලැබුනේ.'

♡♡

ᴄʀᴇᴇᴘɪɴ' • sɪɴ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Donde viven las historias. Descúbrelo ahora