"ෆක්"දකුණු පැත්තේ නිපල් එකෙන් එකපාරටම දරුණු වේදනාවක් එද්දී ජන්කුක් ගැස්සුණා. එයා දෙකට නැවුනේ බලාපොරොත්තු නොවුණ වෙලාවක වෙච්ච දේ එකපාරටම තේරුම් ගන්න බැරුව. එක තත්පරයකට එයාගේ ඇස් බොඳ වෙලා ගියත් එයා සතුටු වුණා එයා ඒ වෙලාවේ හද හද හිටපු කොෆී එක තාමත් කරදරයක් නැතුව තියෙන එක ගැන. එයා එක තත්පරයකට කලින් මග් එක අතට ගත්තා නම් එයා හදපු කොෆී එක මෙලහකට බිම. නැත්තම් එයාගේ ජීන්ස් වල හැලිලා.
ජන්කුක් තාම වේදනා දෙන තැන දිහා බැලුවේ වෙලා තියෙන දේ දැනගෙනමයි. බලාපොරොත්තු වෙච්ච විදිහටම එයාගේ දකුණු පැත්තේ නිපල් එකෙන් ලේ එනවා. ඇති යන්තම් ලේ එයාගේ ජීන්ස් වල ගෑවෙන්න කලින් එයා කිචන් ටවල් එකක් අරගෙන ඒක පිහදලා දැම්මා.
වේදනාව නවත්තන්න ෆ්‍රිජ් එකෙන් අයිස් කැටයක් අරගෙන තියාගනිද්දි ජන්කුක්ගේ කටින් ලස්සන වචන ගොඩක් පිට වුණා. එයා කොච්චර වාසනාවන්තද කියනවා නම් එයාගේ වේදනාව අඩු වෙලා එයා හරියට හුස්මක් ගත්ත ගමන්ම ඒක අනිත් පැත්තටත් වුණා.
"ජීසස් ක්‍රිස්ට් !"
ජන්කුක්ගේ කකුල් දෙක වේදනාවට ආයෙත් ජෙලි වෙලා ගියා. එයා කිචන් කවුන්ටර් එක බදාගත්තේ එයාගේ ඇස් වල පෙනුම ආයෙත් බොඳ වෙලා යද්දි.
ඒ කෙහෙල්මල රිදුනා හොඳටම.
එයාගේ මුළු පපුවම රිදෙන්න පටන් අරන් තිබුනේ බාගයක් ෂොක් එකට , ඉතුරු බාගේ වේදනාවට.
එයාට තුවාල වෙලා තියෙන තැන විෂබීජ හරණය කරන්න වෙනවා. එයාගේ මොළේ කෑ ගැහුවේ දැන්මම ඒක කරන්න කියලා. ඒත් කලින් පාරවල් වල එයාගේ කන් දෙකෙයි දිවෙයි මෙහෙම වුණාම එයා විෂබීජ නාශක දැම්මේ නෑ. ඒ වුණාට එයාට කිසිම ඉන්ෆෙක්ෂන් එකක් ආවෙත් නෑ. එයා අඩුම ගානේ piercings දැම්මේ වත් නෑ.
එකපාරටම එයාගේ ඇඟේ මෙහෙම හිල් මතු වෙන අරුම පුදුම වැඩේ වෙන්නේ කොහොමද කියලා ජන්කුක්ට හිතාගන්න බැරුව හිටියේ. දැනටමත් එයාට ඒ විදිහේ ඒවා හතක් තියෙනවා තැන් තැන් වල.
ජන්කුක් දිග සුසුමක් හෙළුවේ එයාගේ කොන්ද කෙළින් කරගන්න ගමන්. එයාගේ අඳුරු ඇස් එයාගේ නිදන කාමරය දිහාවට යොමු වුණා.
YOU ARE READING
Ink Whisper
FanfictionSinhala translation All his life Jimin has wondered who makes the tattoos that usually just appear on his skin out of nowhere. His life slowly changes and truths come out the moment he meets the talented tattoo artist - Jeon Jungkook.