Chapter 20

93 30 5
                                    

වෙලාව ගත වෙද්දී අනිත් අය ඩ්‍රෙසින් රූම් එකට ඇවිත් ඇඳුම් මාරු කරගෙන ගියත් ජිමින් එතනටම වෙලා හිටියා. ක්ලාස් එක පටන් ගන්න වෙලාව පහු වුණත් එයා එතනින් හෙල්ලුණේ වත් නෑ.

ලෝකයේ ඉන්න එක එක මිනිස්සුන්ට තියෙන්නේ එක එක ආකාරයේ බය. ඒ බය තමයි එයාලව කිසිම දෙයක් කරගන්න බැරි දුර්වල මිනිස්සු කරවන්නේ. එයාලගේ හිතේ තියෙන බය කවදාහරි ඇත්ත වුණොත් එයාලට වෙන්න පුළුවන් නරක දේවල් හැම දෙයක් ගැනම එකින් එකට මතක් වෙන හැඟීම දරාගන්න හරිම අමාරුයි. ඉතින් අනිත් මිනිස්සු බය වෙලා ඉන්න කාරණා දාහක් අතරේ ජිමින්ගේ හේතුව අමුතුම එකක් වුණා.

එයා ටී ෂර්ට් එකක් ඇදන් එළියට යන්න බයයි.

සමහරවිට කාටහරි හිතෙයි ඒක හරිම මෝඩ කතාවක් කියලා. ඒත් ජිමින් බය වෙලා හිටියේ ඒ දේ නිසා එයාට අනිත් හැමදේම නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් එයා තාමත් ඩ්‍රෙසින් රූම් එකේ පුංචි ලී බංකුව උඩට වෙලා නටන්න ඕනේ කරන සපත්තු , කලිසම් ඇදගෙන හූඩි එක පිටින් ඔහේ බලාගෙන හිටියා. ඒක එයා ජන්කුක්ගේ අපාර්ට්මන්ට් එකෙන් එළියට එද්දි ඇදන් හිටපු සාමාන්‍ය හූඩි එක. එයා දැනගෙන හිටියා කීයටවත් එයාට ඒක ඇදගෙන නම් නටන්න ඉඩ දෙන්නේ නෑ කිව්වා කියලා.

ජිමින්ට ඕනේ වුණා අඬන්න. ඇයි එයාටම මෙහෙම දේවල් වෙන්නේ ? එයාගේ ඇඟ තාමත් ලස්සනයි. එයා එයාගේ ටැටූස් වලට ආදරේ කළා. ඒවා නිසා තමයි එයාට ජන්කුක්ව හම්බුනේ. ඉතින් එයා ඒවට ආදරේ නොකර ඉන්නේ කොහොමද ?

ඒත් හිතේ කොනකින් ජිමින් එයාගේ ඇඟට වෛර කළා. හිතේ ගැඹුරු තැනක ඉදන් එයා කැතයි කියලා හැමදාමත් දෝංකාර දෙන සද්දය එදා එයාට වෙනදටත් වඩා හයියෙන් ඇහුනා. එයාට ටැටූස් එක්ක කවදාවත් එයාට ඕනේ කරන කෙනා වෙන්න බෑ. එයාට ඒ කිසිම දෙයක් ලබාගන්න බෑ. එයාට ටැටූස් එක්ක නටන්න බැහැ. ඒත් එයාගේ මුළු ජීවිතේම එයාට ඕනේ වුණ එකම දේ ඒක.

ඒත් ඒ හැමදේම එහෙම වුනත් එයාට ටැටූස් වලට වෛර කරන්න බැරි වුණා. මොකද එයාට ජන්කුක්ව මුණ ගැහුනේ ඒවා නිසා.

ජිමින්ගේ ඇහෙන් කඳුළක් වැටෙද්දිම ලොකු කලබලයකින් ඩ්‍රෙසින් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ මිස්ටර් කිම්.

Ink Whisper Tahanan ng mga kuwento. Tumuklas ngayon