Chapter 15

92 34 32
                                    

ජන්කුක් කොෆී ෂොප් එකේ දොර ළඟට වෙලා බලාගෙන හිටියා. ඒ වෙද්දි වහින්න පටන් අරන් තිබුණත් ජිමින්ට කලින් එයාට ඇතුලට යන්න හිතක් තිබුණේ නෑ. සමහරවිට ඒක මෝඩ වැඩක් වෙන්න ඇති , ඒත් ජන්කුක්ට ඕනේ වුණේ ජිමින්ටම එයාලා ඉදගන්නේ කොහෙද කියලා තීරණය කරන්න අවස්ථාව දෙන්න. ඉතින් ඉදගන්න තැන මොකක් වුණත් ඒකේ වැඩක් තියෙනවා ද ? ඒකට දෙන්න උත්තරයක් එයා ළඟත් නෑ.

ඒ වගේම එයා දැනගෙන හිටියේ නෑ එයා එදා දවසේ එයාගේ පැයක් වත් හිස් නැතුව පිරිලා තියෙන කාලසටහන දිහා බල බලම ජිමින්ට එයා හවස් වරුවේ 3.30 න් පස්සේ නිදහස් කියලා බොරු කිව්වේ ඇයි කියලා. ඉතින් ජිමින් එක්ක කෝල් එකෙන් පස්සේ ජන්කුක්ට සිද්ධ වුණා එයාගේ ක්ලයන්ට්ස්ලාට කතා කරලා ආයෙමත් වෙන වෙලාවක් එයාලට දෙන්න.

බලන් යද්දි ජන්කුක් ජිමින්ව එදා දවසේ දකින්න හම්බවෙන පැය කිහිපය වෙනුවෙන් එයාගේ සති අන්තය වුණත් වියදම් කරන්න ලෑස්ති වගේ.

ජන්කුක්ට ඈතින් කොෆී ෂොප් එක දිහාවට දුවගෙන එන ජිමින්ව ඒත් එක්කම වගේ ඇහැ ගැටුනා. එයා කළු පාට ජීන්ස් වගේම එයාට වඩා හුඟක් ලොකු රතු පාට කාඩිගන් එකක් ඇදගෙන හිටියා . එයාගේ අවුල් වෙච්ච බ්ලොන්ඩ් කොණ්ඩේ වැස්සෙන් ආවරණය වෙලා තිබුනේ කළු පාට තොප්පියකින්. ජිමින් තාමත් ජන්කුක්ව දැක්කේ නෑ. ඉතින් ඒ සුළු වෙලාව ජිමින්ගේ හුරතල් වැඩ රස විඳින්න ජන්කුක් ප්‍රයෝජනයට ගත්තා. එයා මඩ වළකින් පනින එක වුණත් හරිම ලස්සනයි කියලා ජන්කුක්ගෙන් ඇහුවා නම් එයා කියයි.

එයා ජන්කුක් ළඟට ඇවිත් තොප්පිය ගලවද්දි වැහි බිංදු කිහිපයක් එයාගේ කම්මුල් උඩටත් වැටුනා. ඒ වැහි බිංදු පිහදලා දාන්න දැනුන වුවමනාව ජන්කුක් මැඩ ගත්තේ හරිම අමාරුවෙන්.

"බලන් ඉන්න වුණා නම් සමාවෙන්න !"

ජිමින් වැහි බිංදු වැටිච්ච කොණ්ඩේ දෙපැත්තට ගසලා දාන ගමන් කිව්වා.

"ඇයි ඔයා ඇතුලට යන්නේ නැත්තේ ?"

"මාත් මේ දැන් ආවේ"

බොරු...ඒවා ජන්කුක්ගේ ගල් පැලෙන බොරු...

"එහෙනම් අපි යමු ද ?"

Ink Whisper Where stories live. Discover now