Married

446 68 7
                                    

හිතේ තිබ්බ තරහා පිට කරගන්න බැරි උනාම යූන් ට ඊට වඩා කේන්ති යනවා. අතට ගත්ත වීදුරුවෙන් හිතේ හැටියට ගහගන්න බැරි උන නිසා තිබ්බ තරහට දත් මිටි කාගෙන තමන්ව අල්ලගෙන ඉන්න එකාගෙන් ගැලවිලා ගිහිම් ආපහු අරකිට හොඳවයින් නෙලන්න යූන් ෆුල් ට්‍රයි එකක් දුන්නා. ඒත් බැරිවෙයි වගේ..... එකපාරටම අතේ තබ්බ glass එක ලොකු සද්දෙකුත් එක්ක පිපිරිලා ගියේ යූන්ගෙ ඇඟිලිවලින් එල්ල වෙච්චි පීඩනය දරා ගන්න අසරණ glass එකට බැරි උන නිසා.

ඒ පාර නම් යූන් ගෙ තරහා ටිකක් නිව්නා වගේ.....

ආය්ෂ්ච්..චප්... චිප්.... මොකාද මේ මාව තද කරලා බදාගෙන ඉන්නෙ ?

යූන් ඔලුව හරවලා බැලුවා , හා කොල්ලා ! මොකද මේ ?

යූන් මොන වගේ කෙනෙක්ද කියලා හරියටම දැනගෙන හිටපු කුකීට ඒ දෙන්නට තවත් රණ්ඩුවෙන්න දීලා බලන් හිටියොත් අර කෙල්ලගේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියලා තේරුණා. ඒක නිසා දෙපාරක් හිතන්නෙ නැතුව යූන්ව කොහොමහරි නවත්තන්න ඕනි කියලා කූකී ගිහිල්ලා යූනට හෙලවෙන්නවත් බැරි වෙන්න තද කරලා එයාව බදා ගත්තා.

හරි හරි වැඩේ හරි ! රණ්ඩුවත් නැවතුනා යූන් calm down වෙන්නත් පටන් ගත්තා......

හැබැයි මෙහෙමයි,

මේ හැමදෙයක් දිහාම සද්ද නැතුව බලාගෙන හිටපු හොර ගෙඩියෙක් හිටියා. ඒ තමා අපේ ටේ ටේ.....

කූකීයෝ.... තමුසෙ මොනාද ඔය කරන්නෙ... ඇයි ඒ කෙල්ලව බදා ගත්තෙ ? ඇයි ඒ කෙල්ලව නවත්තන්න හදන්නෙ ? ඇයි ඒ කෙල්ල ගැන ඔච්චර හිතන්නෙ ? මට වඩා ඒ කෙල්ලව ලොකු උනාද ඒ පාර ? මම මෙතන බලාගෙන ඉන්නවා කියල අමතක උනාද තමුසෙට ! ටේ තරහෙන් පුපුරනවා. ටේ ට කියාගන්න බැරි ලොකූකූකූ ඊරිසියාවක් දැනුනා. ඒ ඊරිසියාව කඩාගෙන පාත් උනේ තමන්ගෙ boy friend වෙන කෙල්ලෙක්ව බදා ගත්ත නිසාද නැත්තම් එයාගෙ වෙන්ඩ wife ව වෙන කොල්ලෙක් බදාගෙන ඉන්න නිසාද කියලා හරියටම වෙන් කරලා අඳුරගන්න ටේ ට බැරි උනා.... ආහ් කමක් නෑ ඔය දෙකෙන් මොකක් උනත් දැන් මට පැලෙන්න ඊරිසියයි.... ටේ එයාගෙම හිත ඇතුලේ අතරමන් උනා.

ටේ කෙලින්ම ගිහිම් ජන්කුක්වයි යූන් වයි දෙපැත්තට ඇදලා වෙන් කරා. තව ටික්කින් කුකී වැටෙනවත් එක්ක. ඊට පස්සෙ ටේ තමන්ගෙ දකුණු අතින් යූන්ගෙ එක අතක් අල්ලගෙන වම් අතින් කුකීගෙ එක අතක් අල්ලගෙන දෙන්නවම ඇදගෙන ඇවිත් කාර් එක ඇතුලට දැම්මා. (වෝහ් That that I like that !)

Burning Hearts ✔️Where stories live. Discover now