#7-The beginning

40 18 47
                                    

Continuing Eunho's pov...

පල්ලෙහාට වෙලා අර ඩබල ලොකු කතාවකට වැටිලා හිටියෙ මෙතන මම නොදන්න ලොකු දෙයක් තියෙන නිසා වෙන්න ඕනි.

Eunha : විහිළු නොකර කියනවකො !! තමුන් ඇස් දෙකෙන්ම දැක්කනෙ ඉයූගෙ වෙනස?

Eunwoo : අයියෝ මම එක සැරයක් කීවෙ ඒක තමා මැටි අලේ ! ඒක සාමාන්‍ය දෙයක්.බොරුනම් හෙට ඇවිත් ෆාදර්ගෙන් අහනවකො !

Eunha : හරි.හෙටටත් බලමුකො නේද? හෙට අර අජොස්සිගෙ ෆිවුනරල් එකේ වැඩ බලන්නත් තියෙනවනෙ.දැන් නිදාගන්න ඕනි.ගුඩ් නයිට් !

Eunwoo : ආ..? ඇයි යකූ මම? මමත් එනවනෙ?

Eunha : තමුන් කොහෙ යන්නද?? මේ මල්ලි !? මොනා කරන්නත් එඩිවුකේෂන් ෆස්ට් ! ඒක නිසා කටවහන් හෙට ස්කූල් යන්න ලෑස්ති වෙනවා ! හිතන් ඇති බොරු හේතු දාන් ගෙදර ඉන්න ! දැන් බලනවා ආට් කම්පිටිෂන් එකට තව දවස් කීයද? දැන් තමුන් අර ජේකේ එක්ක රෝන්දෙ ගගහා ඉන්නෙ දෙන්නත් එක්ක සෝන්ග් එක පුරුදු වුනාද??

ඕක වෙනකන් තමා මමත් බලන් හිටියෙ.දැන් මට ඇහැරෙන්න වෙලාව හරි.කොහොමත් නූනගෙන් හ්‍යුන්ව බේරගන්න ඒ වෙලාවෙ මමවත් එන්න එපෑ.

නැත්තම් ඔය ඩබලටම නිදාගන්න නම් වෙන්නෑ මෙදා කපේකට.මට ඇරෙන්න ඕක නතර කරන්න පුළුවන් කෙනෙක් අපේ ගෙදර ඇත්තෙත් නෑ.කොහොමත් ඔය වලි අස්සෙ මට නින්ද යන්නෙත් නෑ..

ඉතින්..

ටිකක් බැනගන්නකන් ඉඳලා මමත් ඇහැරලා හුරතලේ දාගෙන නූනා ළඟට ආවම නූනා නිකන්ම සයිලන්ට් වෙනවා.

Eunwoo : නූනා මේ !!!?? ඒක අපි බලාගන්නම්.අනික අපි රෝන්දෙ ගියෙත් නෑ හරිද ! මෙච්චර කරලත් මදිද යකෝ? හා පුළුවන් නම් කියනවා බලන්න මොන ටර්ම් එකේදිද මම සෙකන්ඩ් වුනේ කියලා?හැමදාම ෆස්ට් ප්ලේස් ගන්නෙ මමනෙ? අනික ජේකේ? මොකද්ද ඌත් එක්ක තියෙන තරහ? ඌ තමා හැම පාරම ටර්ම් ටෙස්ට් එකෙන් සෙකන්ඩ් ප්ලේස් ගන්නෙත් ! එහෙව් අපිටද ඔහේ මේ බනින්නෙ??අනික...... මම නැනී කෙනෙක්ද ගෙදරට වෙලා බබ්බු බලාගන්න??

මෙදා පාර නම් හ්‍යුන් මගෙ හිත කීතු කීතු කරලා දැම්මා.මගෙ කරුමෙකටද කොහෙද ඔය ටික කියද්දිම මම නිදිමතේම පඩිපෙල බැහැන් පල්ලෙහාට ආවෙ.

The Warmth Of A Breathe | Horror |  ✴Where stories live. Discover now