#21-Take My Breathe

34 15 41
                                    

Continuing Eunho's pov...

මම පංතියට ගියාට මගෙ හිත තිබුනෙ සොන්සෙන්නිම් ළඟ.මට ඕනි වුනේ සේහ් යුන් එක්ක ඉන්න.ඒත්..

Jin : සේහ්‍යුන් !?? මම කීව දේ කළාද??

Sehyun : ඔව් සොන්සෙන්නිම්..

Jin : එහෙනම්... මොකද්ද මේ ?? හිස් පිටු ටිකක්??

Sehyun : ඒත්.. සොන්සෙන්නිම් ! මම දිවුරන්නම්.. මම බොරු කීවෙ නෑ..

Jin : සේහ්‍යුන් ! තවත් බොරු නම් එපා !! හ්ම් හ්ම්.. දැන් යන්න ! ගිහින් මේ කරපු දේ හරිගස්සන්න ! නැත්තම් අද ගෙදර යන්න වෙන්නෙ නෑ ඔයාට !

ජින් සොන්සෙන්නිම් සේහ්‍යුන්ට බැන්නා.හොඳටම බැන්නා.

ඒ මොකද කීවොත් සේහ්‍යුන්ට ජින් සොන්සෙන්නිම් පනිෂ් කළා පිටු පනහක් පිරෙන්න 'මම වැරැද්දක් කළේ නෑ' කියලා ලියන් එන්න.එදා උදේම සේහ්‍යුන් ජින් සොන්සෙන්නිම්ට කොළවගයක් දුන්නා තමයි.මමත් හිතුවෙ එයා ඒවගෙ එහෙම ලියන් එන්න ඇති කියලා.

ඒත් ජින් සොන්සෙන්නිම් ළඟ මේ වෙද්දි තිබුනෙ හිස් කොළ ටිකක්.ඒකයි එයා තරහින් සේහ්‍යුන්ට බැන්නෙ.

ජින් සොන්සෙන්නිම් හිතුවෙ සේහ්‍යුන් එයාව විහිළුවට අරන් කියලා වෙන්න ඇති.

අන්තිමට සේහ්‍යුන්ට තනියමම ඒ හිස් කොළවල ඒ කීව දේ ලියලා දෙන්න සිද්ධ වුණා සොන්සෙන්නිම්ට.ජින් සොන්සෙන්නිම් කීවෙ ඒක කම්ප්ලීට් කරනකන් සේහ්‍යුන්ට ආට් රූම් එකෙන් එලියට එන්න දෙන්නෑ කියලා.

මේ වෙලාවෙ අපේ නූනා හිටියෙ දායුන් නූනා එක්ක.

Dayun : කරදර වෙන්න ඕනි නෑ ඔන්නි.අද වූනොව ගෙදර එක්කන් එන්න පුළුවන් වෙයි.

Eunha : පිස්සු කෙල්ල ! මොන කරදර අනේ?? මටත් ඉන්නවනෙ ඔය වගේ පොඩ්ඩෙක්.. ඉතින් එයා මොකෝ වූනො මොකෝ?

Dayun : ඔහ්.. එයත් ඔන්නි වගේම ඇති නේද?

Eunha : හ්ම්... දවසක එක්කන් එන්නම්කො මම.ඒක දායුන්..? මෙන්න ඔයාගෙ අලුත් යුනිෆෝම් එක..හෙට ඉඳන් ඔයත් ඔයාගෙ යාලුවෝ එක්ක ස්කූල් යන්න ලෑස්ති වෙන්න.අනික.. අහ්? මේක වූනොගෙ එක..අපේ ඉයූගෙ ස්කූල් එකටම වූනොවත් දාලයි තියෙන්නෙ.අපි එයා ඩිස්චාර්ජ් වුනාම ඒ ගැන කියමු.

The Warmth Of A Breathe | Horror |  ✴Where stories live. Discover now