Part 0.4

196 28 13
                                    

Yenulis' diary

Day 03

ඊයෙ උදේ කෑම අරන් හේෂ්ගෙ කාමරේට ගියාට පස්සේ අපි අතරේ ගොඩක් දේවල් උනා. මම කවදාවත් මෙහෙම කාටවත් ලං වෙලා නෑ විශේෂයෙන් වැඩිය අදුරන් නැති අයත් එක්ක . හේෂ් මාව ළගට අරන් ඉවරයක් නැතුව lip kiss කරා. මමත් අකමැත්තක් නැතුව එයාට කීකරු වෙලා හිටිය එක ගැන තාම පුදුමයි.

 කොහොම උනත් ඒ සිද්ධිය මම වෙන කාටවත් කියන්න ගියෙ නෑ. හේෂ් lunch and dinner වලට ආවාම කිසි දෙයක් නොවුණූ ගානට හිටියෙ. එක්කො එයාට හුරු ඇති වෙන අය එක්කත් ඉදලා තියෙනවා ද දන් නෑ..ඒ උනාට එදා හේෂ්ගෙ යාලුවෙක් එයා මට ලං උනා ම " කවදාවත් නැතුව මොකද මේ " කියලා ඇහුවා.

අදට නිමි.


වෙනදාට වඩා දිගට අද diary එක ලියවුණා. ආයිශ් මම දන්නෑ අප්පා මට මොනව වෙලාද කියලා.
 යෙනූ තමාටම මුමුණමින් පැවසුවා.

 සුපුරුදු පරිදි උදේ ආහාර වේල සුදානම් කර හේෂ්ගේ කාමරය වෙත ගෙන ගියා. සෑම උදෑසනකම හේෂ් ඇයව සිප ගත්තා. දෙදෙනාම හැසිරුණේ දිගු කල් සිට දන්නා අය මෙනි.

 Yenulis' diary

 Day 43 

මායි හේෂුයි දැන් ගොඩක් ලං වෙලා. මම හේෂ්ට ආදරේ කරන්න අරන්. හැම රෑකමත් එයා මාව හොයන් එනවා. මගේ කාමරයට . එයාගේ යාලුවන්ටත් දැන් ඒක පුදුමයක් නෙමෙයි. මේ සේරම දේවල් වෙන්නේ මේ බංගලාව ඇතුළෙ අපි කට්ටිය තනියම ඉද්දී විතරයි. ලොකු මහත්තයා ආවාම මම හේෂ්ගෙ නැනී විතරයි.
අදට නිමි.

හේෂ් ? යෙනුලි කොහොමද හොදද?

 අසල අසුනෙ වාඩි වී සිටි හේෂ් තරමක් ප්‍රශ්නාත්මක ස්වරූපයෙන් සීයා දෙස බලමින්
 ආ... ඒ කිව්වේ?

 මොකද තමුන් බය උනෙ . මම ඇහුවෙ යෙනුලි ඔයාට සලකනවා හොදද නැද්ද කියලා. අම්මා නැති උන දා ඉදන් නැනීලා කියක් නම් ගෙනාවද. වැඩක් උන් නෑ නෙ. මේ කෙල්ල වයසෙන් අඩු නිසා මම හිතුවා හොද නැතුව ඇති කියලා..

ඔහ් නෑ නෑ grand papa එයා තමා හොදම

 අසල හිටගෙන සිටි යෙනුලි දෙස බලා කට කොනින් සිනා සෙමින්.

අනික් අයට වඩා මෙයා මට හොදට ම සලකනවා. ඒ වගේම.....................

 ලොකු මහත්තයා මම තේ එකක් ගේන්න ද ? හේෂ්ගෙ කතාවට හරස් වූ යෙනූ ඇසූවෙ තරමක් බිය මුසු වූ උස් හඩිනි.

 නෑ . ඕන් නැ මම දැන් යනවා. මට පරක්කුයි. එහෙනම් හේෂ් මම යනවා. හ්ම් හරි . 

හේෂ් එතනින් පිටව ගියේ යෙනුලිගෙ බඳ අතින් මිරිකමින්..

 ආආආආව් .... 




වර්තමානය ;

අම්මො හේෂ් ඒ දවස් නම්.............. යෙනුලි කිවෙ සිනාසෙමින් .

 හරි ඉවරයි.

 මොකක්ද හේෂ් ?

 ඔයාගේ පිටෙ බාම් ගාලා සිනහවක් රැදි මුහුණින්.

 අහ් කපටියා මාව කතාවට අල්ලන් රිදෙන් නැති වෙන්න ගෑවා නේ.

 හ්ම් ඔව්.

 යෙනූ මම ආයෙ කියන්නේ මට සමාවෙන්න. ඇත්තටම ඊයෙ කෝල් එකෙන් grand papa marriage proposal එකක් ගැන කිව්ව නිසා මට අපි දෙන්නා ගැන ම තරහක් දුකක් ආවා. ඔයාට විතරක් නෙමෙයි. මම ඊයෙ මගෙනුත් තරහ පිට කරා . මම කොහොමද කොල්ලෙක් බදින්නේ සීයට ඕනෙ එයාගේ සල්ලි දේපල වැඩි කර ගන්න.  තමා ඇද සිටි කමිසය ගලවමින්.

 හේෂ්ෂ්...............මට මොනව කරත් කමක් නෑ ඇයි ඔයා දෙයියනේ බලන්න මේ ඔයාගේ උරහිස..
ඉන්න ඉන්න මම බෙහෙත් දාන්නම් සේරටම කලින්.
 හේෂ්ගෙ කම්මුල මත හාදුවක් තැබූ යෙනුලි බෙහෙත් දැමීම ඇරඹුවා..

 හොදටම තුවාල කරන්. අනෙ මන්ද හේෂ් ඔයා නම්.

 ආශ්...ඒ ඒ රිදෙනවා.

 අහ් ඇත්තද. මගෙ කොටි පැටියාට රිදෙනවා ද තව කපා ගන්න එපැයි ඉතින්...තරහ මුසු වූ ආදරයකින් යෙනූ පැවසුවේ හේෂ්ගෙ කන රත් පැහැ වන තුරු මිරිකමින්..

  ඒඒඒඒ ...අතරිනවා පිස්සු පූසියෙ...

ආ දැන් මටද පිස්සු හේෂ්ව ඇද මතට තල්ලු කර ගෙල සිප ගනිමින්....
 දෙදෙනාම පෙර දින රාත්‍රියේ සිදු වු අමිහිරි සිදුවීම් අමතක කරන්නට දරන වෑයමක් ලෙසින් එකිනෙකා සිප ගත්තේ වෙනදාට වඩා ආදරයෙන් කෙලිලොල් කමිනි.

එදින හවස තේ මේසයේදී,

 ලිම් , රුබි , සෙයොන් , රෙක්ස් and my dear wifey යෙනූ..

 ඕඕඕ wifey ලු . අම්මො මුගෙ ගල් හිත මේ කෙල්ල දිය කරලා වගේ....ලිම් කිවෙ කොක් හඬලා සිනාසෙමින්.

 ආආආ..ලිම් මෙයා දැන් මගේ wife ගරු කරලා කතා කරන්න වෙයි. තරමක් උස් හඩින් හේෂ් කිවෙ අසලින් වාඩි වී සිටි යෙනුලිගෙ බඳ වටා අත යවමිනි.

 ආ..සොරි සර් සොරි මැඩම්. ගැත්තාට අනුකම්පා කළ මැනව. ලිම් දෙඅත් එකතු කර සිනා සෙමින් පැවසීය.

 හරි හරි. මම මේ ඔයාලට වැදගත් දෙයක් ගැන කියන්න යන්නේ.

 ඇත්තටම ඊයෙ grand papa ගෙ කෝල් එකෙන් පස්සේ මම ගොඩක් දුක් උනා. එයා කිව්වා මට Marry කරන්න කියලා..ඒක මට කොහෙත්ම කරන්න බෑ. මම දැන් එයාට බෑ කිව්වොත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා..ඒ නිසා මමයි යෙනුයි තීරණයක් ගත්තා. 

එතෙක් වෙලා සිනා සෙමින් සිටි යහළුවන්, හේෂ් දෙස බලා සිටියේ කිසිදු හැල හොල්මනක් නැතිවය.


~Ithin lamaaai hesh and yenu mona wage theerenyk gani da?~

~see you guys  ~

BLack ROseWhere stories live. Discover now