Part 0.6

176 22 14
                                    


පසුදින රාත්‍රියේ , 

10 : 43 PM 

හේෂ් ඔක්කොම බඩු ලෑස්ති කරගත්ත නේ? රුබී ඇසුවේ දුක් මුසු මුහුණින්. 

හ්ම් ඔව් මචන්.

 ඔයා ලෑස්ති ද මගේ පැටියෝ

 හ්ම් ඔව් හේෂ් ඒ උනාට මට බයයි. 

යෙනූගේ අත තදකර අල්ලාගනිමින්, බය වෙන්න එපා මම ඉන්නවා ඔයත් එක්ක


මධ්‍යම රාත්‍රීයේ දෙදෙනාම හොර රහසේ කාරයෙන් පිටව ගියේ යහළුවන්ගෙන් සමුගැනීමන් පසුවය. 

පාන්දර 5 පමණ වන විට දෙදෙනාම යා යුතු ස්ථානයට ළඟා විය. 

යෙනූ බබා ඔයා නිදිද?      ඒ වන විටත් එහාපැත්තෙ අසුනේ යෙනුලිට හොඳටම නින්ද ගිහින් ය. 

නැගිටින්න මගේ ළමයෝ. 

ම්ම්ම් තව ටිකක් ඉන්න දෙන්න හේෂ්. උදේ වෙලා නෑ නෙ.       යෙනුලි කිවෙ දෑස් වසාගෙන කෙදිරියක් ගාමිනි.

 යෙනුලිගෙ දෙතොල් මත හාදුවක් තැබූ හේෂ්, 

නැගිටින්න මගේ පණ. අපි පැනලා ආවා කියලා මතක නැද්ද ? මෙයා නම්.........මේ බලන්න ලස්සන ඉර ලාවට පායගෙන එන්නෙ. 

යෙනුලි දෑස් හැර බැලුවේ කම්මැලිකමිනි. 

හ්ම් ඔව් ඔව්නේ

 අනේ මේ ළමයා නම් දිව්‍යලෝකෙ ගියත් නිදා ගනියි.

 හේෂ් සිනාසෙමින්, බංගලාවේ යතුරු ද මුරකරුගෙන් ඉල්ලාගෙන යෙනුලිව කාරය තුළ තබා ගියේ බංගලාවට පිවිසීමේ අරමුණින්.

 එහි පරිසරය ඔවුන් සිටි තැනට වඩා වෙනස් එකක් විය. බංගලාව පිටින් පැරණි පන්නයේ විදියට සාදා තිබුණ ද ඇතුල සුපුරුදු ලෙස නවීන ලෙස සාදා තිබුණි

කාරයේ තිබුණු බෑග් සියල්ල හේෂ් මුරකරු සමඟ ගොස් බංගලාවේ තිබු විශාලම නිදන කාමරයෙන් තැබුවෙ යෙනුලි අවදි වන තෙක් ය. 

සියල්ල අවසන් වන විට ද යෙනුලි තවමත් කාරය තුළ නිදාගෙන සිටියාය. 

දෙයියනේ, හේෂ් තමන්ගේ එක් අතක් හිස මත තබා ගනිමින්, මගේ බබා තාම නිදි නේ.....

 කාරයෙ දොර ඇර යෙනුලිව වඩාගෙන , කාමරයට එක්කන් ගියා නම් හරි මෙයා ව.

මේ room එක තවත් ලස්සන වෙනවා ඔයා ඉද්දී මගෙ මැණික.. 

විශාල කාමරයේ දොර අගුළු ලමින් හේෂ් මිමිනුවේ යෙනුලි ඇද මත නිදා සිටින ආකාරය බලමිනි. 

දෙදෙනාම හවස් වනතුරු නිදා ගත්තේ කෑම ගැනවත් සැලකිල්ලක් නොදක්වමිනි. ගමන් මහන්සිය නිසා හෝ දෝ දෙදෙනාම නින්දට වැටුණි.

හවස් වරුවේ තේ පානයෙන් පසුව දෙදෙනාම අවට නැරඹීමට ගියහ.

 අහ් හේෂ් මේ තැන මාර ලස්සනයි බබා .

ඔව් අපි දෙන්නට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. 

හේෂ් යෙනූගෙ හිත සතුටු කිරීමේ අරමුණින් එසේ කිව්වද හිතේ බියක් නොතිබුනාම නොවේ.

හේෂ් අර බලන්නකෝ ලොකු ground එකක් ........

යෙනූ හේෂ්ව ඇදගෙන ගොස් තණබිම මත පෙරලූවෙ කුඩා දැරිවියක මෙනි. 

අහ් වස්තුව.... මොනවද කරන්නේ 

හේෂ්ගේ ඇඟට බර වී යෙනුලි දෙතොල් සිප ගත්තාය.

 ගොම්මන් වෙනතුරු ම දෙදෙනාම එතන කතා බස් කරමින් සිටියහ. 

හේෂ් අපි දැන් ගිහින් වොෂ් දාලා Dinner එක ගන්න මෙතනට එමුද මගෙ කොල්ලො... 

අනෙ අනෙ ප්ලීස්..... ඇස් දෙක ලොකු කරමින් පුංචි පූස් පැටියෙක් මෙන් හේෂ් දෙස යෙනූ බලා සිටියාය. 

ප්ලීස්...මගෙ හොඳ මාස්ටර් නෙ..

 අහ් ඇත්තද මාස්ටර් හොදයිද ?

 කට කොනින් හේෂ් සිනාවක් පාමින්. හරි හරි එමුකො මගේ පිස්සු කෝලම කියන දේ අහන් නැතුව බෑ නේ... 

උම්මාමා මගේ හොද හේෂ් පැටියා හේෂ්ගෙ කම්මුල මත දිගු හාදුවක් තබා යෙනූ දුව ගියාය. 

ඔහොම ඉන්න මෝඩියේ...... ඔයාව වැටෙයි. පරිස්සමෙන් 



KATHAWA DENNE TIKAK LATE UNA BABALA 

SORRY FOR THAT 😁

SEE YOU 

STAY SAFE .........






BLack ROseWhere stories live. Discover now