කැමැත්ත

191 48 1
                                    

හිරුෂ කියන්නෙ මායි මලයයි ඉපදුන දවසෙම ඉපදුන මල්ලිට වඩා ටිකක් හරි මොලේ තිබ්බ බූරුවෙක්.ඌ තමා මලයගෙයි මගෙයි ඩයපරේ අදින කාලෙ ඉදලා හොදම යාළුවා පරම මිත්‍රයා.. කොටින්ම අපි තුන්දෙනා ඩය⁣පරේ පවා ෂෙයා කරගෙන පාවිච්චි කරේ. අම්මා මායි මලයයි හම්බුනාට පස්සෙ ටික කාලයක් යනකම් ඉදලා තියෙන්නෙ ලොකු අම්මලෑ දිහා. එහාට නිතරම හිරුෂයගෙ අම්මත් ආවලු. ඔන්න ඔහොම ඉතින් අපි ඉපදුන දවසෙ ඉදලා පට්ට යාළුවො. ඒකෙන් මේකෙන් අපි මොන්ටිසෝරි යන කාලෙ වෙද්දි හිරුෂයා ඇඩුවලු මායි මලයයි එක්ක යන්න ඕනෙමයි කියලා අපිටත් ඉතින් ඌව ලැබෙනවනම් ඊට වඩා දෙයක් ඉල්ලෙ. කෝම කෝම හරි හිරුෂයා මොන්ටිසෝරි කාලෙ ඉදලා දහතුන වසරට යනකම්ම අපි එක්ක තමා හිටියෙ. දැන්නම් මලයත් එක්ක පොර සෙකන්ඩ් ඩිග්‍රිය කරනවා. මුන් දෙන්න ඔච්චර කැම්පස් එකේ ලගින්න හදන්නෙ අලුතෙන් එන නංග්ලව ටෝක් කරන්න කියලා වගේ.දකුනු මොලේට දැන් තේරිලා තියෙන්නෙ..

"දූ එහෙනම් ඔය දෙන්න කතා කර කර ඉන්නකො"

මායි ජංගිකොකයි තනිකරලා අම්මලා එතනින් ගියා.. මං ඉතින් ⁣උදේ හවස දකින මේකා එක්ක අහවල් කෙන්ගෙඩිය ගැන කතා කරන්නද? අම්මටනම් දැන් හොදටම පිස්සු හැදීගෙන එන්නෙ.

"ඉතින්"

තත්පර අරික්කාලක් විතර ගියාට පස්සෙ ජංගිකොකා එයාගෙ සිරි මුඛය විවෘත කරා. මෙයා පාවිච්චි කරන මවුත් වොෂ් එක මොකක්ද දන්නෙ නෑ.

"ඇහ්?"

"නෑ මොකුත් නෑ"

"හා"

මං ඉතින් මූ එක්ක මොනා කතා කරන්නද? මාත් මේ වෙලාවෙ කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා හරියට ගංජා ගහපුවම වගේ.

"ඔයා ඩිග්‍රි එක කරේ මොන යුනි එකෙන්ද?"

අම්මටසිරි.. මූ ඒකඅහන්නෙ ඒකෙ කුලපතිට නඩු දාන්නද දන්නෙ නෑමට ශිෂ්‍යත්වෙ නොදුන්නට

"ජ'පුර"

"මොක් පුර??"

පොරනම් ඇට පිටින් ගංජා ගහලා අද ඇවිත් තියෙන්නෙ.

"මොක්පුර නෙමෙයි අයියො ජ'පුර... ජයවර්ධනපුර යුනිවසිටි එක!!"

"ආ... ඕකෙ ඕකෙ.."

ඉංගිරිසි Gura|JJK|✔|Where stories live. Discover now