"වෙලාවලුත් ගැලපෙන එකේ මායි ඒ ලමයගේ අම්මයි තීරණෙ කරා කසාදෙ ඉක්මනටම කරන්න"
මං සාලෙ ලස්සනට තියලා තිබ්බ ආපිකෝ එකෙන් උස්සගෙන ආව සෝෆා එකේ දෙකට තුනට ගුලි වෙලා නිදාගෙන ඉද්දි අම්මා ඇවිල්ලා කිව්වා. හුටා තව ටිකෙන් මං බිම.
ඉන්න අම්මා මොකක්ද කිව්වෙ?
මෙච්චර ඉක්මනට ඔය ලබ්බත් වෙන්න ඕනෙද? ඔය කිරිමයිලට මං කැමති වෙච්ච එකම මදිද අප්පා!! අහ් හරි ඉතින් මිනිහා තමා මට කැමති උනේ. ඒත් මේක වැරදියි..
"මොකා... අම්මට අර මලයා මොනා හරි කැව්වද? "
"මොනවද ලොකූ ඔය කියවන්නෙ?"
"මං කියන්නෙ මේ ප්‍රචා.... ප්‍ර.......ප්‍ර.... "
තුක් නොදකින් මේ වෙලාවෙම මේ වචනෙ මට ටැපලෙනවනේ.. වෙලාවකට හිතෙනවා මං මයින්ද මාතියගෙ නෑයෙක්වත්ද කියලා..
අහ් පත්තු උනා.
"මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධියි.. මගෙ කැමැත්තකින් තොරව කසාදයක් කිරීම නීති විරෝධියි.. මං යනවා මානව හිමිකම්.. ගිහින් දානවා නඩුවක්. එතකොට ඔය කිරිමයිලටයි. මේ කපුකමට සපෝට් දුන්න හිරුෂයටයි කේන්දර ගලපපු එනාටයි හිරේ කූරු ගැන ගැන තමා ඉන්න වෙන්න."
දහය වසරට වෙනකම් ඉගෙන ගත්ත පුරුවැසි වලට පිංසිද්ද වෙන්න මං වචන ටික ගලපන් කව්වෙ සෝපා එක දෙකොනට කකුල් දෙක තියලා හිටගෙන ටාසන් වගේ පපුවට ගහගන්න ගමන්.
"ලොකූ... නාඩගම් නටන්න එපා!! ලබන මාසෙ කසාදෙ වෙනවා. ඔයත් දැන් ඒ ලමයට කැමතියි කියලා ඉවරනේ. "
අම්මා එහෙම කියලා නාගීනා වගේ බැල්මට් එකක් දාලා පිබගා එතනින් චුත උනා.
අහෝ මගෙ අනාගතේ.. මගෙ හීන... ඒ හැම එකම අලියා පෑගුවා වගේ චකබ්ලාස්ට් වෙලා යන හැටි මට මැවිලා පෙනුනා..හප්පටසිරි සද්දෙත් ඇහුනා... අහ් නෑ නෑ... එවෙලෙ ටීවි එකේ ගියෙ දෙවෙන ලෝක යුද්දෙ කාලෙ ගහපු ෆිල්ම් එකක්. ඒකෙ බෝම්බ පුපුරනවා දැක්කා. කොහොම හරි.. මං කොහොමද හිතක් කකුලක් හදාගෙන කසාද බදින්නෙ.?? මං අහන්නෙ මං අහන්නෙ?? මට අඩුම තාම අර අරාබියෙ රත්තරං දාලා දෙන කිරි කෝපි එකවත් බොන්න බැරි උනා.
YOU ARE READING
ඉංගිරිසි Gura|JJK|✔|
Humorනෑ නෑ.... මේක ලංකාවෙ ඉදන් කොරියාවට නෙමෙයි. කොරියාවෙ ඉදන් ලංකාවට... නොට් අපනයන.. ඉට්ස් ආනයන... මෙහෙම විද්‍යා මිස්ලයි ඉංගිරිසි ගුරාරයි රටට සම්පතක්... ඇයි හත් දෙයියනේ....ඩොලර් කුට්ටි පිටින්නෙ.. හරි හරි මේක ඉකොනොමික්ස් ගැන නෙමේ..... ලාංකික අධ්‍යාපන ක...