මගුල

171 53 3
                                    

මේ තේරි දුෂුමන් දුෂුමන් නාගීනා...

අඩෙ යප්පා ඇත්තමයි බැලුවත් බැලුවෙ නෑ මේ වගේ පේපරයක්.. ගිය සදුදා අපේ එවුන්ට සයන්ස් ටෙස්ට් එකක් තිබ්බා. මුන් ලියලා තියන උත්තර දැක්කම හිතුනා මුන්ට විද්‍යාව කියලා බම්බුවක්ද මං උගන්නලා තියෙන්නෙ කියලා.

එක ප්‍රශ්නෙක අහලා තිබ්බා වායු දූෂණය පිලිබද කෙටි හැඳින්වීමක් කරන්න කියලා. මේකා ලියලා තියෙන්නෙ

"වායු දූෂණය යනු පෘතුවි වායු ගෝලය see more"කියලා 🙂

සංසාරෙ බවෙ  දුකා සම්බෝලයි බතුයි කකා කිව්වලු..

දැං නිවාඩු කාලෙ හිංදා නෑ ඉස්කෝලෙ.... ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලෙ..

ඉස්කෝලෙ මාසයක් නිවාඩු හිංදා නිවී හැනහිල්ලෙ අතපය දිගෑරලා කල් ගෙව්වෑකි..

"අමා....... මල්ලිත් එක්ක ටවුන් ගිහින් එන්න.."

උචේ පාන්දර අපේ මව් යානය ⁣කුංච නාද කරන්න ගත්තා..

"ඒ මොන ඉටිගෙඩියටද? ඊයෙ නේත පොලට ගියෙ!"

"අයියො. ලමයො අනිද්දා අර ලමයගෙ පව්ලෙ අය මෙහෙ එනවා කිව්වාඒකට අදින්න සාරියක් ගන්න යන්නෙ"

සාරි.... අම්මගෙනම් මොකක් හරි ලොකු විපර්යාසයක් වෙලා තියෙනවා. ඇයි යකෝ කොල්ලෙක් දිහා හැරිලා බැලුවත් රවන එක්කෙනා දැන් මාව බන්දන්න හදනවා..

මේවා අසාධාරණයි හැබැයි ඈ.

"තව මොනාද බලන් ඉන්නෙ ගිහින් ලෑස්ති වෙනවා."

අම්මා හැදිමිටත් අතේ තියන් කියද්දි මගෙ අත ඉබේම වගේ පච්චාත් බාගෙ පැත්තට ගියා.. කාලෙ නාස්ති නොකරම එතනින් චුත උනේ අගේට තියන පස්ස පැති කුඩු කරගන්න ඕනෙ නැති නිසා.

මලයත් එක්ක ටවුම වටෙම ඇවිද්දදත් මට හරියන සාරියක් හොයාගන්න බැරි උනා.. ඇයි යකෝ ගෙදර කොච්චර සාරි තියාගෙනද මේ අලුතෙන් ඒවා ගන්න යන්නෙ. අම්මටත් පිස්සු.

"ඒ හෝහපුට්ටො... දැන්නම් බඩ ගිනියි බන්"

මලයගෙ පොට පොටේ පිටිපස්සෙ ඉදගෙන මං කෑගැහුවෙ. උට මේක එලවද්දි මෙලෝ සිහියක් නැති නිසා.

ඉංගිරිසි Gura|JJK|✔|Where stories live. Discover now