කසාදෙ (2)

166 44 1
                                    

පෝරුවෙ චාරිත්‍ර ඉවර වෙන්නෙත් නෑ, අපි ඩබල මෙතන අර සිංගර් එක ඉස්සරහ පෝලිමට තියලා තියෙන ෆ්‍රිජ් දෙක වගේ හෙලවෙන්නෙත් නෑ.

ඊටත් වඩා මං බයෙන් හිටියෙ මේ සරුවාලෙ කොයි වෙලේ මකබෑවෙයිද කියලා!! මං මේකප් උලපු අක්කට කිව්වා සාරිය බුරුල් කියලා කොහෙද ඒකි නෙමෙයි කනකට ගත්තෙ. මලයන්ඩි... මිනිහා එහා පැත්තෙ හිටියෙ කිරිමයිලගෙ නංගි එක්ක පැණි පෙර කතාව. අනෙ අම්මපා අක්කා මෙතන මැරෙන්න යනවා කියලවත් මුට ගානක් නැති හැටියක්.

"දඩස්!!!"

හුටා.... තව පොඩ්ඩෙන් සාරි ඉල්ලෙනේ.. පොල් ගෙඩිය බින්ද සද්දෙට අමාරුවෙන් මං නවය වසරට වෙනකම් ගිය කරාටි පංතියෙ පස්වෙනි පාඩම මෙතන රගදැක්වුයෙ නැත්තෙ. මතක නැද්ද හිමන්තටුවා... කෙතල හිබුවා...

ඔන්න ඔය විදියට පේරුවෙ චාරිත්‍ර ටික ඉවර උන එක ගැනනම් මං හිටියෙ මාරම ආතල් එකේ.. බඩ කට පැලෙනකම් කන්න හිතන් හිටියත් අපේ මව් බිසව තරයෙ මට අවවාද කරා..

"කේක් කෑල්ලකට වඩා කෑවොත්.. අම්මපා වෙඩිම ඉවර උනාම උබව හමගහනවා."

නෑ මං අහන්නෙ... වෙඩිම මගෙනම්. ඇයි මං අනුන්ට කේක් දෙන්නෙ.. හරිනම් උන්නෙ මට කේක් දෙන්න ඕනෙ ඇයි වදේ.. මෙච්චර ලොකු ඉසකුඩිච්චියක් ඔලුවට දාගන්නවට.. හා නැද්ද? මං වැරදිද? නෑනේ....

අමාරුවෙන් අර තට්ටු පහේ වෙඩිම් කේක් එක දකිද්දි මතු උන මලපෙරේත කුජීත අප්පිරියාසන්න ගුජුම්පියෝසන්න... ආ වැරදුනා... ජුගුප්සාජනක ත්‍රාසය උපදවන.. මගෙ බඩජාරී කම අමාරුවෙන් මැඩ ගත්තෙ කේක් එක ලගම ටේබල් එකේ උන්දලා මං දිහා රබර් ඇහැක් නෙමෙයි ඇස් දෙකම දාගෙන බලාගෙන හිටිය නිසා.

හිනා වෙලා කටත් රිදෙනවා අයිසේ... මේ දැන් බැදගත්ත මයෙ මිනිහවත් කරගහගෙන මං මේසයක් මේසයක් ගානෙ ගිහින් හැහෝටම මගෙ ලස්සන දත් ටික පෙන්නුවා.. එයාලත් එයාලගේ පණුවො කාපු... දිරච්ච... ඇදිච්ච දත් ඇන්දවල් ටික මට පෙන්නුවෙ මං දත් දොස්තර කියලා හිතාගෙන වගේ.

මව් පිය ඩබල කෙසේ වෙතත් මව් නම් මං දිහා කොයි වෙලෙත් ඇහැගහගෙනමයි හිටියෙ.. හප්පෙ හරියට සිවංගි සේසා දිහා බලං ඉන්නවා වගේ බැල්මට් එකක් ඒක. මට දැන් තේරෙනවා අපේ අම්මා හිව්දි පිච්චර් බලනවා වැඩියි වගේ. කොහොමෙන් කොහොම හරි අම්මා ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදලා මං හිමීට බුෆේ එක පැත්තට ගිහින් ඩෙවල් චිකන් කෑලි දෙකක් කටේ ඔබා ගන්න පුලුවන් උන එකෙන්නම් මං ඇත්තටම පස් වනක් පිරීතියෙ තව ටිකෙන් ගිලෙනවා.

ඉංගිරිසි Gura|JJK|✔|Where stories live. Discover now