අපි හැමෝටම යාලුවො ඉන්නවා නමුත් හරිම යාලුවො කියන්නෙ කව්ද?
තේජාන් සහ අනුත්තර ඉපදුන දවසෙ සිට හොදම යහලුවෝ විය...ජීවිතේ පැණි රසයේ සිට තිත්ත රස දක්වා බෙදා ගත් යහලුවෝ විය....තමන්ගේ ජීවිතේ අනෙකාට උනත් පිදීමට හැකියාවක් ඇති යහලුවෝ විය....ආදරය,යහලුකම යන වචන වලටත් එහා ගිය යහලුවෝ විය....තේජාන් මද්දුමබණ්ඩාර,උපතින්ම රන් හැන්ද කටින් අරන් ආපු තරුණයෙක්...ජීවිතේ සල්ලි වලින් කෑමෙන් බීමෙන් ඇදුම් වලින් එක දශමයක අඩුවක් නොවෙච්ච වාසනාවන්තයෙක්....නමුත් අර කතාවක් තියනවනේ මනුස්සයෙකුගේ ජීවිතේ ආදරයක් නැත්තං ඒ ජීවිතේ අසම්පූර්නයි කියලා...තේජාන්ගෙ ජීවිතෙත් අන්න එහෙම එකක්....
ජයවීර අබේසිංහ , තරු වගේ ඇස් තිබ්බ අවුරුදු 18ක තරුණයෙක්...රේණුකා මද්දුමබණ්ඩාරට ජයවීර හමු වෙද්දි ඔහු හරිම අහිංසක ආදරයෙන් පිරුනු බෝලයක්...අවුරුදු 19 සිට ගලා ගිය ඒ දෙන්නගෙ ප්‍රේම ගීතයට නව ඇරඹුමක් ලැබුනේ රේණුකා හදිසියේම ගැබ් වෙද්දී...බාල වයස් දෙමාපියන් වීම ඒ දෙදෙනාම කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නෙවෙයි....
නමුත් ජයවීර අබේසිංහ තමන්ගේ පණටත් වඩා ආදරය කරපු රේණුකාව ඒ වගේ අමාරු අවදියක උවද අත් හැරියේ නැත...ඒ දෙදෙනාම ජීවිතේ ලොකු ලොකු ආගාද වලට වැටෙමින් ගොඩ ගිය දෙදෙනෙකි...ඉතින් තේජාන් මෙලොවට ආ දවසේ සිට තම දෙමාපියන්ගෙන් ආදරේද අඩුවක් වූයෙ නැත...
ඒ වගේ ලස්සනට ගාලා ගියපු පරිජ්ජේදය එක් වරම ශෝක රසයෙන් පිරෙන්න ගියේ තප්පරයයි....
රේණුකා මද්දුමබණ්ඩාර, ජයවීරගේ සහ තේජාන්ගේ ලෝකය කඩාබිදලමින් හදිසියේම මෙලොවින් සමු ගත්තාය...
එතනින් පසුව ඒ දෙදෙනාගේම ජීවිත වල ලොකු වෙනසක් උනේ නෑ කිව්වොත් එය මුසාවකි...තම ජීවිතයේ එක කඩක් වෙන්ව ගිය දා පටන් ජයවීර අබේසිංහ තමන්ගේ රාජකාරියේම ගිලුනේ ඔහු වෙනුවෙන් ගෙදර බලා සිටින 12 හැවිරිදි දරුවා මුලුමනින්ම අමතක කරමින්...සමහරවිට ඔහුගේ වේදනාවෙන් මිරිකෙන හදවත තම දරුවා දුටුවම තවත් ඒ ඇති වන වේදනාවට බයෙන් ඔහු තම පුතුව මගහැරියා වන්නත් පුලුවනි....නමුත් ඔහු තේජාන්ට කිසිම අඩුවක් නොවන ලෙස වගබලාගැනීමටද සමත් විය...නමුත් ඒ දරුවාට තිබූ එකම අඩුව වූයේ තම පියාගේ අදරය බව තේරුන් ගැනීමට ඔහු අසමත් විය...
YOU ARE READING
Eternal ✨️
Random🌠ජීවිතේ හැමදේම තියන තරුණයෙක් නමුත් ආදරය හැර 🌠 ජීවිතේ බොහෝ වෙහෙසකින් ගැටගහගන්න තරුණයෙක් ✨️ දෙදෙනාගෙ ජීවිත කතාව කොහොම වෙයිද...කියවලම බලන්නකෝ 😍 📌️ජීවිතෙ පලවෙනි වතාවට කතාවක් ලියන්නෙ ගොඩක් අඩු පාඩු ඇති...sorry about that 😭 📌️කතාවට කැමති නම් suppor...