~5~

10 1 0
                                    

*Lamai poddak sorry venna one mama තේජාන්ගෙ තාත්තගෙ නම වෙනස් කරනවා හොදේ...ජයරත්න නෙවෙයි බිමල් දැං එයාගෙ නම හොදේ .... really sorry about that*

_____________________________________________

*knock* *knock*
"Excuse me ස' මං ඇතුලට එන්නද?"

"අහ් එන්න අනුජ"

අනුජ කාර්යාලය තුලට පැමිණියේ ඔහුගේ ප්‍රධානියාට සහ ඔහුට දවල් අහාරය සමග බිමල්ගේ නොවරදින, කෑමට පසු ice tea එකද රැගෙනය....අත් දෙකම බඩු වලින් පිරී ඇති නිසා කාර්යාලයේ දොර විවෘත කරගැනීමට මදක් අපහසු විය...

දොර සමග ඔට්ටු අල්ලන අනුජ දෙස බිමල් බලා සිටියේ මද සිනහවක්ද මුවේ රදවාගෙනය....

"සර් කෑම එක ගෙනාව"

"හරි අනුජ ඔතනින් වාඩි වෙන්න...මට විනාඩියක් දෙන්න හොදද..."

"හරි සර්"

අනුජ තම ප්‍රධානියාගේ අණ පරිදි කාර්යාලයේ මැද ඇති විශාල office sofa වේ හිදගතේය...ඔහුගේ දෑස් ඉබේටම යොමු වූයේ මේසයේ වාඩි වී තම කාර්යන් ලහි ලහියේ අවසන් කිරීමට තැත් කරන මිනිසා දෙසය....අනුජ කුඩා කල සිට හීන දැක්කේ බිමල් වැනි අවංක නමුත් තේජාන්විත චරිතයක් වීමටය, කොටින්ම පැවසුවොත් බිමල් යන චරිතය ඔහුගේ කුඩා කල සිට මාවගෙන සිටි ලෝකයේ නැතහොත් තම imaginary worldහි ප්‍රියතම චරිතයක් විය....ඉතින් එලෙස ඔහුගේ dream man  තම දෑස් ඉදිරිපිටම  එක වර දුටු අවස්ථාවේදී අනුජගේ මනසට පැමිණි එකම සිතුවිල්ල වූයේ "මේ job එක මං කොහොමහරි ගන්න එක ගන්නවාමයි" යන දෙය පමණි...
ඔහුට ඒවැනි මතකයන් සිහි කරද්දී දැනුනේ ඔහු පිලිබදවම ආඩම්බරයකි.....
බිමල් පිලිබද අනුජගේ සිතෙහි පැවතියේ අති මහත් ගෞරවයකි... ගෞරවයක්ම පමණි...
හෝ
අනුජ සිතුවේ එසේය

"අනුජ??"

ඔහුගේ ගැඹුරු හඩින් අනුජ පියවි ලොවට පැමිණියේය..

"සර්"

"මොනවද ඔච්චර කල්පනාව.....අපි කමු නේද එහෙනම්"

"හරි සර්"
_____________________________________________

අනුත්තර තම කුඩා කාමරයේ දොර විවෘත කරේ දවස් දෙකකට පසුවය...පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලල සංවිධානයේ ප්‍රධාන ස්ථානයක් දැරීමට ඔහුට සිදු වීමත් සමග තම නිවසට පවා පැමිණිමට නොහැකි වන තරම් ඔහු කාර්යබහුල විය, අද ද තේජාන් පැමිණි නිසා ඔහුට පාසලෙන් පිට වීමට අවස්ථාවක් හිමි වූවද ඔහු නොහිටින්න අද රැයද ඔහුට පාසලේ සිටීමට සිදු වන බව නිසැකය....

You've reached the end of published parts.

⏰ Last updated: May 12, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Eternal ✨️Where stories live. Discover now