එදත් වෙනදා වගේම මල්ලි ගෙදර ආවා. හැබැයි සල්ලි ගෙනියන්න නෙමෙයි. මල්ලිගෙ ඉතුරු වෙලා තිබුන බඩු ටිකත් අරගෙන යන්න.. ඔම්මා හරියට ඇඩුවා මල්ලිගෙ හැසිරීම දැකලා. ගෙට ඇතුලු උන මල්ලි මාව තියා ඔම්මවවත් ගනන් ගත්තෙ නෑ. ඔම්මගෙ කදුලු මල්ලිට ගානක්වත් නෑ.
"ටේහ්‍යොන්ග්... මොකක්ද මේකෙ තේරුම??"
බැරිම තැන මං ඇහුවා. මල්ලි ඒත් ඇහුනෙ නෑ වගේ හිටියා ඇරෙන්න උත්තර දුන්නෙ නෑ.
"මං තමුසෙට මනුස්සයො කතා කරේ!! මං උබට වියදම් මේ වගේ ගුනමකුවෙක් වෙන්නද?"
මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. මං ටේගෙ කොලර් එකෙන් අල්ලගෙන මල්ලිට කෑ ගැහුවා.. මං මල්ලිගෙ මූණ දැක්කා. හරියට සුදු මැලි වෙලා.. හරියට මල්ලි ලොකු ලෙඩකින් ඉන්නවා වගේ. ඊලග මොහොතෙ මල්ලි සිහි නැතුව ගහක් කපලා දැම්මා වගේ ඇදගෙන වැටුනා.
"පුතා!!"
ඔම්මා ඇදට වෙලා කෑ ගැහුවා.. මට කරකියාගන්න දෙයක් හිතාගන්න බැරි උනා. මං මල්ලෘට කොච්චර කතා කරත් මල්ලි ඇස් ඇරියෙ නෑ. මං බය උනා. පුලුවන් තරම් ඉක්මනට මං මල්ලිව හොස්පිට්ල් ගෙනිච්චා.
මං කවදාවත් හිතුවෙ නෑ ඩොක්ටර් කෙනෙක් කරපු මගෙ මල්ලිව මගෙම අතින් තව ඩොක්ට කෙනෙක් ගාවට ගෙනියන්න වේවී කියලා.
"ටේහ්‍යොන්ග්ට ඉක්මනින් හදවතක් හොයාගන්න ඕනෙ. එයාගෙ හාට් එක ගොඩක් දුර්වලයි. තව පැය කීපයක් ඇතුලත හොයාගත්තෙ නැත්නම් එයාට මොනා වෙයිද දන්නෙ නෑ!!"
ඩොක්ට ඒ විදියට කියද්දි මට උන් හිටිතැන් අමතක උනා. මගෙ මල්ලිට මැරෙන්න දෙන්න බෑ. මං මොනාද කරන්න ඕනෙ මට තේරුනෙ නෑ.. මට පිස්සු හැදෙන්න වගේ..
ඔව්, එක විසදුමයි.
"ඩොක්ට, මල්ලිට මගෙ හදවත දෙන්න!"
"ඒත් සර්! අපිට එහෙම කරන්න බෑ. "
කොහොමත් මං වගේ කෙනෙක්ට තව ඒ හැටි කාලයක් ජීවත් වෙන්න බෑ.. මගෙ ලෙඩෙත් එක්ක මං වගේ මිනිහෙක්ගෙ ලෝකෙට ඇති ප්‍රයෝජනයක් නෑ. ඒත් මගෙ මල්ලි වටින මිනිහෙක්. එයාගෙ උදව් බලාපොරොත්තුවෙන් ලෝකෙ තව අනන්තවත් අය බලන් ඉන්නවා.
මං ගියේ කොරිඩෝ එක කොනක තිබුන වීදුරු මල් වාස් එක ලගට. ටේබල් උඩ තිබුන කොලයක මං පොඩි සටහනක් ලිව්වා. ඊලග මොහොතෙදි මං කරේ වාස් එක බිත්තියෙ ගහලා කුඩු කරපු එක. මං ඒකෙන් මගෙම අතේ බලනහරෙ කපා ගත්තා. දරාගන්න බැරි වේදනාවක් එක්ක මං එහෙන්මම ඇදගෙන වැටුනා. මල්ලි උබ සතුටින් ජීවත් වෙයන්!!!
#Jesmine