05

99 21 9
                                    

ටේහ්‍යොන් ඇස් ඇරියෙ සර්ජරියෙන් පැය ගානකට පස්සෙ.

"නර්ස්?"

ටේ⁣හ්‍යොන් ළඟ හිටිය නර්ස්ට කතා කරා.

"ඔහ්, ඔයා ඇහැරුනාද? ඉන්න මං ඩොක්ටට කතා කරන්නම්"

නර්ස් එහෙම කියලා ඩොක්ටව එක්කන් එන්න ගියා. ටේහ්‍යොන්ගෙ හදවතට දැනුනෙ කවදාවත් දැනිලා නැති හැගීමක්.

"ඩොක්ට?"

"ඔයාගෙ හාට් එක කොහොමද?"

ටේහ්‍යොන් ප්‍රහේලිකාවකට මැදි උනා.

"මගෙ හාට් එක??"

"ඔව්.. ඔයාගෙ සහෝදරයා ඇත්තටම හොද කෙනෙක්. එයා නැත්තනම් මේ වෙද්දි ඔයාමැරිලා.. අා. මට අමතක වෙනවා මේක ඔයාට!"

ඩොක්ට ටේහ්‍යොන්ට දික් කරේ පොඩි උන ලියුමක්.

මල්ලි,

උබත් එක්ක මගෙ කිසිම තරහක් නෑ. ගොඩක් ස්තූතියි මගෙ හීන හැබෑ කරන්න මහන්සි උනාට. මගෙන් දැන් වැඩක් නෑ. මං හිතාන හිටියෙ උබෙන්ම මගෙ ලෙඩේට බේත් ගන්න. ඒත් වැඩක් නෑ.. උබව මේ ලෝකෙට මට වඩා ඕනෙ. ඔම්මව බලාගනින්. එයාට දුකක් දෙන්න එපා. ⁣උබට මාව මතක් උනොත්, මං ඉන්නෙ උබ ලගමයි.. සතුටින් ජීවත් වෙයන්.

නිමි..


ව්රු හරි බ්‍රදර්හුඩ් එකක් ඉල්ලුවා නේද? මට එයාව හොයාගන්න බෑ 🙂🙏 අනේ මංදා මං brotherhood ලියලම නෑ. කෝමද ඉතින් මේක.. මටනම් සැටිස් මදි 😪💔 මොනා හරි කියන් යන්නකො.

#Jesmine

HIYACINTH|KNJ|✔|Where stories live. Discover now