02

84 20 2
                                    

ටිකෙන් ටික ලොකු වෙලා මල්ලි අන්තිමේ එයාගෙ හීනෙ අන්තිම පියවරට ආවා... එදා එයාගෙ වෛද්‍ය උපාධිය ගත්තු දවස... මගෙ මල්ලි උපාධිය ගත්ත දවසෙ මට දැනුනෙ මං මුලු ලෝකෙම දින්නා වගේ... මගෙ ඔලුව උඩ තිබ්බ බර නිදහස් උනා කියලා හිතුවත් ඒක එහෙම උනේ නෑ.

මල්ලි සෝල් ඉසිපිරිතාලෙ ඩොක්ට කෙනෙක් විදියට පත්වීම ලැබුනා.. කොහොමත් හැඩකාර මගෙ මල්ලි සුදු කෝට් එක දාපුහම ඒ හැඩකාර කම තවත් වැඩි වෙලයි පේන්නෙ..

මල්ලි පලවෙනි දවසෙ වැඩට යද්දි ඔම්මගෙ ආශිර්වාදෙවත් ගත්තෙ නෑ..

"ශිට්...ඔය අබ්බගාත ගෑණිගෙන් ආශිර්වාදයක්???? ඊට වඩා හොදයි පාරෙ යන හිගන්නෙකුගෙන් ආශිර්වාද ගන්නවා."

මල්ලී එහෙම කියද්දි ඔම්මගෙ ඇස් වලට කදුලු ඉනු⁣වා... ඔම්මගෙ විතරක් නෙමෙයි මගෙ හිතත් ඒකට හරියට රිදුනා.. ඒ වේදනාව හිංදම මං මගෙ මල්ලිගෙ පලවෙනි දවසෙම මල්ලිට ගැහුවා..කම්මුලත් අල්ලගෙන අපි දෙන්නටම ඔරවගෙන මල්ලි හොස්පිටල් එකට ගියා.

මං හිතුවෙ මල්ලිට ඒක අමතක වෙයි කියලා ඒත් මල්ලිගෙ පලවෙනි පඩියෙන්ම මල්ලි අපාට්මන්ට් එකක් කුලියට ගත්තා.. එදයින් පස්සෙ මල්ලි ඉදලා හිටලා මිස ඔම්මගෙ මූණ දිහාවත් බලන්න ආයෙ අපේ පුංචි පැලට ආවෙ නෑ...

මල්ලී ඉස්සර ඉදලම මුරණ්ඩු උනාට මං හිතුවෙ නෑ... මේ තරම්ම නපුරුයි කියලා..

මල්ලිගෙ පඩිය තාම පොඩි එකක් නිසා මං හොදටම දැනගෙන හිටියා මල්ලිගෙ අපාට්මන්ට් එකට ඒ පඩිය හැරෙන්නවත් මදි කියලා.. මොකද මල්ලි අරගෙන තිබ්බෙ අධි සුඛෝපභෝගී අපාට්මන්ට් එකක්.. ඊටත් වඩා මල්ලිගෙ එක මාසෙක වියදම් මල්ලිගෙ පඩිය වගේ දෙගුනයක් විතර වැඩියි.. තමන්ගෙම කියලා රස්සාවක් තියෙන නිසා මල්ලි එයාට ඕනෙ එකයි එපා එකයි හැම දේම ගත්තා... මාසෙ අන්තිමේ සල්ලි නැති වෙද්දි ණය වෙලා පවා ගත්තා...

මේ හැමදේම ඔම්මා බලංහිටියෙ හූල්ල හූල්ල.. මං මල්ලී ගැන හදවතින්ම සතුටු උනා. මොකද මල්ලි මට බැරිඋන තැනට දැන් ගිහිල්ලා. ඒත් දෙවියනේ ඔම්මා මටයි මල්ලිටයි කියලා දුන්න දේවල්ද ටේහ්‍යොන් මේ කරන්නෙ.. මං දන්නෙ නෑ... මගෙ මල්ලි හරි වෙනස් වෙලා.

මට නැතත් ඔම්මට හරි සලකයි කියලා මං මල්ලිගෙන් බලාපොරොත්තු උනා. පඩියක් කියලා එකක් ගත්තට අඩුම ඔම්මගෙ බේත් වලටවත් මල්ලි සල්ලි වියදම් කරේ නෑ. හැම මාසෙම සතියක් යන්නත් කලින් මල්ලිගෙ පඩිය ඉවරයි. ඊට පස්සෙ දවසෙ රෑ හදිස්සියෙම අපේ පැලට කඩං වදින මල්ලිගෙ හැසිරීම මටයි ඔම්මටයි දෙන්නටම ඇති කරේ කලකිරීමක්.. එදා රෑට අනිවාරෙන්ම අපේ ගෙදර රණ්ඩුවක්.. මට කියන කතා ඉවසුවා කිව්වත් මල්ලී ඔම්මට කිව්ව අසමජ්ජාති වචන මගෙ ඉවසීමේ සීමාව හැමදාම පැන්නුවා.. ඒත් ඒ මගෙ මල්ලී..

අවසානෙ රණ්ඩුවෙන් දිනන මල්ලී එයා ආව කාරිය උන මගෙ පඩියෙන් සල්ලි අරගෙන යනවා..

#Jesmine

HIYACINTH|KNJ|✔|Where stories live. Discover now