කියා pov.
"කෝ දූ ඔයා ලෑස්තිද ? ඒ අය මේ ළග එන ගමන්ලු.😌"
එහෙම කියාගෙන කාම් මූඩ් එකකින් මගෙ රූම් එකට ආපු ඔම්මට එකපාරටම යක්සයා ආවේස උනේ මම තාම නාගෙන ඇවිත් hair dryer එකෙන් කොන්ඩෙ dry කරනව දැකල.
"මොනාද ළමයො මේක ඇතුලෙ මෙච්චර වෙලා කලේ? ආ............. බිත්තර දැම්මද? මම තමුන්ට පැය කාලක් දෙන්නම් ලෑස්ති වෙන්න. ලෑස්ති වෙලා පහළ living room එකට එන්න.😠"
ඔම්ම මහ හයියෙන් මට දෙහි කපන අතරෙ අප්ප ඔම්මට කතා කලා.
"හනී ඔයා පහලට ඇවිත් මේ ටික arrange කරන්නකො, එයා වෙලාවට පහලට එයි😊 ."
ඒත් එක්කම ඔම්ම පහලට ගියෙ " only fifteen minutes, okey ? " කියල මට තරජනය කරනව වගෙ දබර ඇගිල්ලක් මගෙ පැත්තට දික් කරගෙන.
මම එවුන් කී, චෝයි එවුන් කී. ගෙදර අයනම් කියා කියල තමයි කතා කරන්නෙ. මොකක් හරි යටි කූට්ටු වැඩක් කලාම නම් ගෙදර උදවිය තවත් ගොඩාක් ආදරණීය නම් කියනව ,ඒව පසුවට. වයස 23 යි. මම යුනිවසිටි ස්ටඩීස් කලේ ෆ්රාන්ස් වල පැරිස් වල. දැන් කොරියාවට ආවෙ ස්ටඩී ඉවර නිසා අප්පගෙ කීමට එයාගෙ ලොකු ම ලොකු බිස්නස් ටික භාර ගන්න.මම ඒ දේවල් වලට අකමැති උනත් අප්පගෙ බලාපොරොත්තු විනාස කරන්න ඕනි නැති නිසත් , පව්ලටම ඉන්න එකම ළමය මම නිසත් මේව බාර ගන්න කොරියාවට ආව.
(මේ ඉන්නෙ එවුන් කී. ද ලාස්ට් එම්ප්‍රස් කේ ඩ්‍රාම එක බලපු අය නම් මෙයාව අදුරනව ඇති😁. මේ කැරැක්ට් එක මින් යුරාගෙ චරිතෙට ගාව ගන්න එපා😒)එතකොට මම මේ ලෑස්ති වෙන්නෙ ඒ දෙන්නගෙ බෑන පොඩ්ඩ බලන්න. ඔම්මයි , අප්පයි මාව බන්දන්නත් එක්ක තමා කොරියාවට ගෙන්නල තියෙන්නෙ. මට මේ ප්‍රොපෝසල් එකට අකමැති වෙන්න ඕනෙ උනත් ඒ ප්‍රොපෝසල් එක ගෙනල්ල තියෙන්නෙ අප්පගෙම බිස්නස් පාට්නර් කෙනෙක් කියල කිව්වම මම මේකට අකමැති බවක් අගවන්න ගියෙ නැත්තෙ අප්පගෙ බිස්නස් වලටත් මේ ප්‍රොපෝසල් එක බලපාන නිසා.