කියා povකියා - wow
වාහනේ ආපු පැය ගානම වැහිල තිබුන මගෙ කටට එකපාරට ම පණ ආවෙ ඇත්තට ම අපිට වෙන් කරල තිබුන හොටෙල් එකේ වීව් එක ඒ තරම් ම ලස්සන නිසා. බීච් සයිඩ් එක නිසා මාර ම ලස්සනයි .
(☝️හොටෙල් වීව් එක)
තඩි ගවුමත් අත් දෙකෙන් ම උස්සගෙන , උසම උස හීල් දෙකත් දාගෙන කොර ගගහ වගේ ඇවිද්දෙ හීල් එක උදේ ඉදන් ම දාගෙන ඉදල කකුල් දෙක රිදෙන නිසා. වටේ ලස්සන බල බල ඇවිත් එක පාරට ම ඇවිත් වැදුනෙ මගෙ ඉස්සරහින් ඇවිදන් ගිය ජින්ගෙ පිටේ. මම නළලත් අත ගගා ජින් දිහා බැලුවෙ මට බනීද දන්නෙ නෑ කියල හිත හිත.
කියා - සොරි , මන් දැක්කෙ නෑ.😕
මන් එහෙම කිව්වත් එයා ඒක ගානක් ගන්නෙ නැතුව මගෙ කකුල දිහා බැලුව. එතකොට තමා දැක්කෙ කකුල හොදට ම රතු වෙලා කියල .
ජින් - පොඩ්ඩක් ඉන්න.😐
එයා එහෙම කියල මට හිතන්නවත් වෙලාවක් නොදී මාව bridle style එකට වඩා ගත්තෙ මාව ශොක් කරන ගමන්. මේ මනුස්සය මාව බැරි වෙලාවත් බිමට අත ඇරියොත් කියල මම ජින්ගෙ බෙල්ල වටෙන් අත දාල එයාගෙ බෙල්ල බදා ගත්ත . මාවත් වඩාගෙන ජින් අපිට වෙන් කරල තිබුන room එකට ඇවිත් මාව ඇද උඩින් ඉන්දෙව්වෙ මට මුලින් ම වොශ් එකක් දාගන්න කියන ගමන්. අනේ මන්ද පෙනුම තිබ්බට මොලයක් නැද්ද කියල , මේ ඇදුමයි , ඔලුවට ගහල තියෙන හෙයා පින් ටිකයි ගලවන්නම කොච්චර වෙලා යනවද?😒
කියා - ඔයා වොශ් දාගන්න , මම මේ ටික ගලවන්නත් ඕනිනෙ☺️
මම කිව්වෙ කොණ්ඩෙට ගහල තියෙන කටු ටික පෙන්නන ගමන් . ඊට පස්සෙ ජින් චූටි හිනාවකුත් දාල එයා බාත් රූම් එකට ගියා . හිනා වෙද්දි නම් අහිංසක පාටයි 😘. අද රෑට මොකෝ කරන්නෙ , අරක කරනවද 👉👈😕 ඔය වගේ එක එක විකාර හිත හිත හීල්ස් , හෙයා පින්ස් ගලවල ඉවර උනාට පස්සෙ බැලුවෙ ජින් එන්න කලින් මේ වදකාර ගවුම ගලවල බාත් රොබ් එක ඇද ගන්න . මම නැගිටල ගවුමෙ සිප් එක අල්ලගන්න බැරුව වට පහක් විතර කැරකුනා , තව ටිකෙන් ගවුම පැටලිලා හක්කත් තලා ගන්නව. ඒත් ඉතින් සිප් එක අල්ල ගන්න එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්😑. කොච්චර දැගලුවත් ඉතින් ඕක අල්ලන්න බෑ කියල තේරුනාම ජින් එනකන් හිටියෙ මේක ගලව ගන්න වෙන කෙනෙක් නැති නිසා.😑 . ටික වෙලාවකින් ජින් බාත් රූම් එකෙන් එලියට ආවෙ බාත් රොබ් එක ඇදගෙන තෙත කොණ්ඩෙ එක අතකින් ගස ගස . වාව් , එයා මාර handsome . ඇත්තටම මම බලන් හිටියෙ එයාගෙ මුණ දිහා නම් නෙවෙයි . බාත් රොබ් එක අස්සෙන් පේන එයාගෙ පපුව දිහා , මූණට වැටිල තියෙන තෙත කොණ්ඩෙන් බේරෙන වතුර බින්දු එයාගෙ මූණ දිගේ නිකටින් පහලට වැටිල පපුව දිගේ බාත් රොබ් එක ඇතුලට ගලාගෙන යනව 😌. මම එයාගෙ දිහා බලාගෙන ඉන්නව කියල දැක්කෙ නෑ . එයා පොඩ්ඩක් බාත් රොබ් එක පපුව වැහෙන විදිහට හදා ගත්ත , 😒 අපරාදෙ ,